ඉරාන ඊශ්‍රායල ගැටුම් අතරතුරේ, උතුරුදිග ඉරානයේ භූමි කම්පාවක් හටගත්තේය. එය රික්ටර් පරිමාණයේ ඒකක 5.1 අගයක් සටහන් කළේය.
මාධ්‍ය වාර්තා අනුව ඉරානයේ සෙම්නාන් පළාතට කිලෝමීටර් 37ක් නිරිත දෙසින්, කිලෝමීටර් 10ක් ගැඹුරට වන්න මෙම භූකම්පනය හටගෙන ඇත.
භූමිකම්පාවෙන් සිදුවුණු හානිය ගැන මෙතෙක් කිසිවක් වාර්තා වන්නේ නැත. සෙම්නාන් පළාතේ සෝර්කේ නගරය, භූමිකම්පාවෙන් දරුණු ලෙස සැලවුණු බව පැවැසෙයි.
සෝර්කේ සිට කිලෝමීටර් 150ක් පමණ දුරින් පිහිටි ටෙහෙරාන් අගනුවරට ද භූමිකම්පාවේ ප්‍රබලත්වය දැනී ඇත.
බටහිර මාධ්‍ය සැක පළ කර ඇත්තේ ඊශ්‍රායල ඉරාන ගැටුම අතරතුරේ, ඉරානය භූගතව න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදු කරන බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස මෙම භූමිකම්පාව හටගත් බවත්ය. කෙසේ නමුත් මේ බව මෙතෙක් තහවුරු වී නැත.
ඉරානය සතුව භූගතව න්‍යෂ්ටික බලාගාර පිහිටයි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ඉරානයට භූමිකම්පාව: න්‍යෂ්ටික අත්හදාබැලීමක්ද?
Nandalal de Silva - France Saturday, 21 June 2025 05:55 PM
මොල්ලාවරු මාර කපටියෝ, සට කපට සූත්තර පුංචෝ රංචුවක්...! භූමිකම්පාවක් පිටින් දමා, න්‍යෂ්ඨික බෝම්බයක් අත්හදා බැලීමේ පිපිරවීමක් කරාද කියා කවුද දන්නේ? කොහොම වුණත්, ලොව පුරා ස්ථාපිත කර තිබෙන ඇමරිකානු භූවිද්‍යා නිරීක්ෂණ මාපක මගින් "ඉරාන භූමිකම්පාවේ" ඇත්ත නැත්ත නුදුරේදීම ලොවට දැනගත හැකිවනු ඇත... පව්... අනේ... පව්මොලේ නැති මෝල්ලන්ට...