(ලක්ෂ්මී ජයකොඩි)
කොරෝනා මරණ ඉරණතිව් දුපතේ භූමදානය කිරීම සඳහා රජය ගෙන තිබූ තීරණය ඉවත් කර ගෙන ඇති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවාන්නදා මහතා සඳහන් කරයි.
ඉරණතිව් දුපතේ කොරෝනා මරණ භූමදානය කිරිමට ගෙන ඇති තීරණය නතර කරන්නැයි තමන් ජනාධිපතිවරයා හා අග්‍රාමත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බවත් ඒ අනුව ඉරණතිව් දුපතේ කොරෝනා මරණ වළ දැමීම නතර කර ඒ වෙනුවට කොරෝනා මරණ භූමදානයට මඩකළපුව ඔට්ටමාවඩි සුඩුපත්තිනසේනෙයි ප්‍රදේශයේ ඉඩම තෝරා ගත් බවත් දේවාන්නදා මහතා කියයි.
කොරෝනා මරණ ඉරණතිව් දුපතේ භූමදානයට ගෙන තිබු තීරණය නතර කිරීම පිළිබඳව ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට සිය ස්තුතිය පුද කරමින් නිකුත් කර තිබුණු මාධ්‍ය නිවේදනයේ ඔහු මේ බව සඳහන් කර ඇත.
අමාත්‍යවරයා එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉරණතිව් දුපත ආර්ථිමය වශයෙන් ප්‍රතිලාභ ලැබිය හැකි දුපතක් බවත් එවැනි දුපත් රැක ගැනීම රජයේ යුතුකමක් වන බවත්ය.
2025 දෙසැම්බර් මස 18
694
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
'ඉරණතිව් දූපතේ කොවිඩ් මෘතදේහ භූමදානය නැවැත්තුවා'
විපරමා Monday, 08 March 2021 11:39 AM
ජනතාවගෙන් ලැබුණු දැඩි විරෝධය නිසා නවත්වන්ඩ සිද්ද උනා.
ගමේ එකාලා Tuesday, 09 March 2021 04:35 PM
දේශපාලකයින් කවද්ද ඇත්තක් කිව්වේ...? ගමේ අය කෑගහපු හින්දා මෙයාට කරගන්න දෙයක් නැතිව බේගල් ඇදබානවා..