IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ඉම්රාන්ගේ බිරිඳ බීබීට වස දෙනවා යැයි චෝදනා

දූෂණ චෝදනාවලට වරදකාරිය වී, බන්ධනාගාරගතව සිටින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ බිරිඳ බුෂ්රා බීබීට බන්ධනාගාරයේ දී වස දෙනවා යැයි චෝදනා එල්ල වී තිබේ.

එම චෝදනා සම්බන්ධයෙන් විශේෂ වෛද්‍ය කණ්ඩායමක් බුෂ්රා බීබී පරීක්ෂාවට ලක් කළ අතර, එම වෛද්‍ය කණ්ඩායම පසු පැවැසුවේ, එවැනි වස දීමක් සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් මූලික වෛද්‍ය පරීක්ෂණයේදී හමු නොවුණු බවය.  

එම වෛද්‍ය කණ්ඩායමට බුෂ්රා බීබීගේ පවුලේ වෛද්‍යවරයා වන අසීම් යූසොෆ් ද එක් වී සිටි බව ද පැවැසෙයි. කෙසේ නමුත් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වීමට කටයුතු කරන බව වෛද්‍ය අසීම් යූසොෆ් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.

බුෂ්රා බීබී රඳවා සිටින්නේ රඳවා සිටින්නේ ඉම්රාන් ඛාන්ට අයත් බානි ගාල් නිල නිවසේ එක් කොටසක්, බන්ධනාගාරයක් ලෙස සකස් කරමිණි. ඇයට ආහාර පාන ලබා දීම සිදු කරන්නේ බන්ධනාගාර නිලධාරීන්ය. නිවසේ බන්ධනාගාරය කළ කොටස බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ පවතී.

වසර 14 ක සිර දඬුවමක් නියම වීමෙන් පසු, පසුගිය කාලය පුරාවට බුෂ්රා බීබීගේ සෞඛ්‍ය පිරිහෙමින් තිබුණි. ඇයට වස දීමක් සිදුවන්නේ යැයි චෝදනා එල්ල වීමට පටන් ගත්තේ ඒ අනුවය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ඉම්රාන්ගේ බිරිඳ බීබීට වස දෙනවා යැයි චෝදනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 772 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site