(යොහාන් භාසුර)
ඩීසල් ඇතුළු ඉන්ධන වර්ග තුනක මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 6 කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5 කින් අඩු කළ බව ද ඛනිජ තෙල් සංස්ථාව පැවසීය.
ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල වෙනස් නොවන බව ද ඛනිජ තෙල් සංස්ථාව පැවසීය.
මෙම මිල සංශෝධනයට අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 277 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 335 ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 185 ක් බවත් එම සංස්ථාව සඳහන් කළේය.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 299 ක සහ ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 313 ක තවදුරටත් පවතින බව බවද කරන සංස්ථාව වැඩිදුරටත් කීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ඉන්ධන වර්ග තුනක මිල පහළට