IMG-LOGO

ඉන්ධන හැංගුවට වසර තුනක අත්හිටවූ සිරදඬුවමක්

 

(උපාලි ආනන්ද)

ඉන්ධන තොග  සඟවා  පාරිභෝගික ජනතාවට ඉන්ධන නොමැති බවට අසත්‍ය ප‍්‍රකාශ සිදු කර තමන් සතුව තිබූ ඉන්ධන අළෙවි නොකළැයි කියන චෝදනාවට  වරද පිළගත් අනුරාධපුර ගුවන් තොටුපොළ පාරේ ඉන්ධන හලක කළමනාකරුවට මාස තුනක සිර දඬුවමක් නියම කළ අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් රුද්‍රිකා ද සිල්වා හේවාවසම් මහත්මිය එම සිර දඩුවම වසර තුනකට අත් හිටුවීමට නියෝග කළාය.

ඊට අමතරව විත්තිකාර ඉන්ධන පිරවුම් හල් හිමියාට මුදලින් රුපියල් 10,000 දඩයක් නියම කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය යළි මෙවැනි වැරදි නොකරන ලෙසත් එසේ එවැනි වැරදි කළ බවට අධිකරණයට වාර්තා වුවහොත් ඒ සම්බන්ධයෙන් අධිකරණය දැඩිව ක‍්‍රියා කරන බවද මහේස්ත‍්‍රාත්වරිය විත්තිකරුට තරයේ අවවාද කළාය.

මෙසේ දඩුවම් නියම වූයේ  අනුරාධපුර ගුවන් තොටුපල පාරේ ඉන්දික ඉන්දන පිරවුම් හළේ කළමනාකරු වන සිංහලේ විජේකුමාර නමැත්තෙකි.
සැකකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉඳුනිල් හෙට්ටිආරච්ච් මහතා සිය මූලික කරුණු දක්වමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා කළ ඉල්ලීමකට අනුව විශේෂඥ වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාවය සඳහා මෙම ඉන්ධන තොග රඳවා තබා ගෙන සිටි දන්වා සිටියේය.

කෙසේ වෙතත් වරද පිළි ගෙන මෙම නඩුව කෙටියෙන් අවසන් කර ගැනීමට විත්ති පාර්ශවය එකඟ බවද නීතිඥවරයා අධිකරණයට හමුවේ කියා සිටියේය.

පැමිණිලි පාර්ශවය වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ අනුරාධපුර දිස්ත‍්‍රික් කාර්යාලයේ ස්ථාන බාර නිලධාරි ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරි බී ඒ සී  පී පෙරේරා මහතා  ඉන්ධන තොග පාරිභෝගික ජනතාවට අළෙවි නොකර විවිධ පාර්ශවයන්ගේ අවශ්‍යතාවයට රඳවා තබා ගන්නා ලෙසට නියම කිරීමට රෝහල් අධ්‍යක්ෂවරයකුට හෝ වෙනත් කිසිදු බාහිර පාර්ශවකට නීතිමය අයිතියන් නොමැති බවයි. 

ඉන්දන ලීටර් 7,000 අධික ප‍්‍රමාණයක් සඟවා තබා ගත්තේ විශේෂඥ වෛද්‍යවරුන්  සදහාම ද යන්න ප‍්‍රශ්න කළ පෙරේරා මහතා විත්ති පාර්ශවයේ එම ප‍්‍රකාශ අසත්‍ය  බවත්  ඒවා  තරයේ  බැහැර කරන බවත් අධිකරණය හමුවේ කියා සිටියේය.

 



අදහස් (5)

ඉන්ධන හැංගුවට වසර තුනක අත්හිටවූ සිරදඬුවමක්

Deepal Nirosh Sunday, 24 July 2022 11:14 AM

මෙන්න මේ විදියට නීතිය කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙනව නම් “එක රටක්.. එක නීතියක්“ කියාගෙන අමුතු අමුතු නීති හදන්න ඕනෑ නැහැ. නඩුවට කැප වූ සියළු පාර්ශ්වයන්ට ජනතා සුබ පැතුම්..!

:       0       24

Hafeel Sunday, 24 July 2022 03:04 PM

චමල් රාජපක්ෂ සහ මහීපාල හේරතුත් මේ හා සමාන වැරැද්ද කළා. ඔවුන්ගේ ගෙවල්වලත් මෙහම ඉන්ධන තෝග තිබුණා. කෝ නීතිය ක්‍රියාත්මක වුණාද? ඔවුන්ගේ ගෙවල්වල යූරියා ඇතුළු පොහොර මිටි ගණන් තිබුණා. මහ ලොකුවට සුපුරුදු පරිදි මහින්ද අමරවීර ඇමති හැටියට වාර්තාවක් ඉල්ලුවා. නමුත් මොකුත් වුනේ නැහැ. හැබැයි මෙතන සිද්ධියට වාර්තාව මොකුත්ම නැහැ.

:       1       6

de silva Sunday, 24 July 2022 12:27 PM

අධිකරණයට සහ නඩුවට සම්බන්ධ වුණු නිලධාරීන්ට මගේ ප්‍රණාමය පුදකරමි. මෙවැනි ජාවාරම් කාරයින් මාස 03ක් හිරේ දමන්න නීති සම්පාදනය කරන්න ඕනේ. ජාවාරම්කාරයින් නිසා රටට වන විනාශය සුළුපටු නැහැ. මාසෙකට මිනිස්සු 10-15 ක් පෝලිමේ මැරෙනවා.

:       0       17

pakeer Sunday, 24 July 2022 01:37 PM

මෙවන් මිනිස්සුන්ව හිරේ දැමිය යුතු නොවේ. කෑලිවලට කැපිය යුතුයි.

:       22       6

චමින්ද Sunday, 24 July 2022 02:42 PM

ඉන්ධන පිරවුම් හලේ සැඟවීමට වගේම ඉන්ධන එකතුකර වැඩිමිලට විකුණන අයටත් මෙහෙම දඬුවම් දියයුතුයි.. එහෙම නොකර මේ රටේ විනයක් හදන්න බැහැ. සෑම පොලිස් වසමකම අවම වශයෙන් එක් අයෙක් හෝ මෙහෙම දඬුවම් ලැබුවා නම් ඉන්ධන පෝලිම් ප්‍රශ්නය විසඳෙනවා.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 18 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 367 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 831 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site