(යොහාන් භාසුර)
ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 15 කින් සහ ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 50 කින් අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා අද රාත්‍රී පැවසීය.
ඒ අනුව ලංකා ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 318 ක් ද, ලංකා භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 245 ක් බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක මිල රුපියල් 60 කින් අඩු කළ බවත් කාර්මික භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 270 ක් බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.
ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 20 කින් ද, ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් ද, ඉහළ දැමූ බවත් පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිල රුපියල් 385 ක් සහ සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 340 ක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 310 ක තව දුරටත් පවතී.
2025 දෙසැම්බර් මස 18
555
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්ධන මිල අඩු වැඩි වේ
චන්දන Thursday, 01 June 2023 08:01 AM
ආණ්ඩුවේ මොලේ ඇති එවුන් නෑ. එක්කො විනාශකාරි අදහස් තියෙන එවුන් ඉන්නව . වාහන වලට හොඳ 92 වඩා 95 පෙට්‍රල් . වාහනේ ගැන හිතනවනම් 95 මිල අඩු කරන්න ඕන . එකක අඩු කරල අනෙක වැඩි කරන්නේ මොන තියරියටද. සුදු සහ දුඹුරු සීනි වගෙ තමා. ඉතිං රටක් හැදෙයිද.
සසර Thursday, 01 June 2023 09:15 AM
රජය අපට මිල සූත්‍රය දෙන්නේ නැත. ගණිත ඇදුරනි, මිල සූත්‍රය සෑදෙන් ශ්‍රිතය රටට ලබා දෙන්න .