IMG-LOGO

ඉන්ධන මිලෙන් දඹුලු ආර්ථික මධ්‍යස්ථානයේ වෙළදාමටත් බාධා


(කාංචන කුමාර ආරියදාස)

ඉන්ධන  මිල ඉහළ යෑම සහ ඉන්ධන හිගය නිසාවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගොවීන්ගේ ව්‍යාපාරිකයන් ගේ පැමිණීම 50% වඩා අඩුවීම හේතුවෙන් වෙළඳාම් කටයුතු වලට දැඩි බාධා එල්ලවී ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති යු .බී  ඒකනායක මහතා පැවසීය.

වෙනත් දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු කිලෝ ලක්ෂ 25 ත් 30 ත් අතර  ප්‍රමාණයක් ලැබෙන බවත් එහෙත් මේ දිනවල එළවළු කිලෝ ලක්ෂ එකහමාරක් දෙකක් පමණ ප්‍රමාණයක්වත්  නොලැබෙන බවත්  ඔහු කීවේය.

ඒවා මිලදී   ගැනීමට ව්‍යාපාරිකයන් පැමිණීමද අද ( 13 ) අලුයම වන විට 60%- 70% කින් පමණ පහත වැටී ඇති බවද  ඔහු සඳහන් කරයි.

යාපනයෙන් පහුගිය දිනවල විශාල වශයෙන් එළවළු තොග ලැබුණ ද අද  අලුයම යාපනයෙන් එළවළු ලොරි රථ දෙකක් පමණක් පැමිණ තිබෙන අයුරු දැකිය හැකි විය.

තෙල් පොහොර හිගයෙන් බැට කෑ ජනතාව පසුව ඉන්ධන පෝලිම් වල ලතවී දැඩි අපහසුතා මැද වගාකරගත් අස්වැන්න නෙලා ගැනීම සිදුකරන  අවස්ථාවේ ඉන්ධන මිල වැඩි කිරීම තුළින් ගොවීන් තවදුරටත් අපහසුතාවයට පත්වූ බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති යු.බී ඒකනායක මහතා සඳහන් කළේය

ගොවීන් පමණක් නොව මේ වන විට ආර්ථික මධ්‍යස්ථනයේ ව්‍යාපාරිකයින්ද  සේවකයන්ට පඩි ගෙවා ගැනීමට  සහ අනෙකුත් වියදම් පියවා ගැනීමට නොහැකිව අන්ත අසරණ තත්ත්වයට පත්වෙමින් තිබෙන බව ද ඒ මහතා පැවැසීය.

 



අදහස් (2)

ඉන්ධන මිලෙන් දඹුලු ආර්ථික මධ්‍යස්ථානයේ වෙළදාමටත් බාධා

සිරි Sunday, 13 March 2022 10:47 AM

හොඳ වෙලාවට තමයි කාබනික නාඩගම නටලා අස්වැන්න අඩු වුනේ... වෙනදා වගේ අස්වැන්න ලැබුණානම් තෙල් සහ ප්‍රවාහන පහසුකම් නැති නිසා වීසිකරලා දාන්න වෙනවා...

:       1       3

Sanju Sunday, 13 March 2022 12:30 PM

ඔහොම වෙලා මදි මෝඩයින්ට... දැන් සැපද? කිරිබත් කමුද?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 136 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 417 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site