(සමන් පාලිත නානායක්කාර)
කොළඹ සිට හපුතලේ දක්වා ඩීසල් රැගත් තෙල් බවුසරයක් අද (06) අලුයම 2.30 ට පමණ හල්දුම්මුල්ල බත්ගොඩ ප්‍රදේශයේ දී පාරෙන් ඉවතට පැන නිවසක් මතට පෙරළීමෙන් එහි රියදුරු සහ සහයක තුවාල ලබා හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලීසිය කියයි.
බවුසරය පෙරළීමෙන් පසු ඉන් වෑහුණු තෙල් ප්‍රදේශවාසීන් විසින් එකතු කර ගන්නා අයුරු දක්නට ලැබුණි.
බවුසරය පෙරළී ඇත්තේ පස් දෙනකු නිදාගෙන සිටි නිවසක් මතට වන අතර ඔවුන් නිදා සිටි කාමරය බේරී ඇත්තේ අනූ නවයෙන් බව ප්‍රදේශවාසිහු පවසති.
ධාවනය වෙමින් තිබූ බවුසර් රථය රියදුරාට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට සැක කරන බව පොලීසිය කියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඉන්ධන බවුසරය වහලය උඩ
nuwan Saturday, 06 May 2023 01:19 PM
ඔබට පෙර පින් තිබුණ බව පැහැදිලිය.