IMG-LOGO

ඉන්ධන බෙදා ගන්න ගිහින් අතපය කපා ගනී

(අමිල සම්පත් ශ්‍රී)

තිස්සමහාරාම ජුල්පල්ලම ඉන්ධන පිරවුම් හල අසල පෝලිං දෙකක අද උදෑසන දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් පුද්ගලයන් තිදෙනකුට තියුණු ආයුධවලින් කපා කොටා බරපතළ තුවාල සිදුකර ඇති බව තිස්සමහාරාම පොලීසිය කියයි.

දින දෙකක් පෙට්‍රල් නොමැතිව පෝලිමේ සිටි පිරිසට අමතරව පිරවුම්හලට පෙට්‍රල් පැමිණීමෙන් පසු තවත් පෝලිමක් ආරම්භ කොට පෙට්‍රල් ලබාගැනීමට යාමේදී පරණ පෝලිම අලුත් පෝළිමට විරෝධතාවේ දැක්වීමේ දී මෙලෙස දෙපිරිස අතර ආරවුලක් ඇති විය.

මෙම ආරවුල නිසා ඉන්ධන නිකුත් කිරීම පැයක පමණ කාලයක් තාවකාලිකව අත්හිටුවීමට එම ස්ථානයේ සේවයේ යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සහ පොලිසියේ නිලධාරීන්ට සිදුවිය.

පසුව දෙපිරිසගේ එකඟතාව මත නැවත ඉන්ධන නිකුත් කිරීම ආරම්භ වූ අතර ඉන්ධන ලබාගෙන බහින්බස් වූ පිරිස පිටව යෑමේ දී පිරවුම්හල ආසන්නයේ පිහිටි ඊට අදාළ එක් පුද්ගලයකුගේ ගේ නිවසක් ඉදිරිපිට දී එම පිරිස නතර කොට පහරදී ඇති අතර පහරකෑමට ලක්වූ එම පිරිස නැවත තියුණු ආයුධ රැගෙන පැමිණ පහරදීම සිදුකළ පුද්ගලයින් තිදෙනෙකු කපා කොටා ඇති බව තිස්සමහාරාම පොලීසිය කියයි.



අදහස් (0)

ඉන්ධන බෙදා ගන්න ගිහින් අතපය කපා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 187 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 220 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site