(යොහාන් භාසුර)
ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ කොමිස් මුදල සම්බන්ධයෙන් පැවැති ගැටලුව හේතුවෙන් ඇනවුම්කිරීමෙන් වැලකී සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවූ බවත් කොමිස් මුදල පෙර පරිදි ලබාදීමට අමාත්‍යවරයා පොරොන්දුවීමෙන් පසුව අද පෙරවරු 11.00 න් පසුව ඇනවුම් කළ බවත් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා අද (25) පස්වරුවේ පැවසීය.
ඛනිජ තෙල් සංස්ථාවෙන් අඛණ්ඩ ඉන්ධන සැපයුම නොමැතිවීමෙන් පෝලිම්වල සිටින ජනතාව අපහසුතාවට පත්වීමෙන් ඉන්ධන පිරවුම්හල් ද දැඩි අපහසුතාවට පත්ව ඇති බව කී නාඔටුන්න මහතා ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් පිරවුම්හල්වලට ඇනවුම් ලබාදීමට මීට පෙර නොතිබුණු කොන්දේසි දමන බව ද සඳහන් කළේය.
අදාල දිනයේ පෙරවරු 9.00 පෙර බැංකුවට මුදල් තැම්පත් කළහොත් පමණක් ඉන්ධන තොගය ලබාදෙන කොන්දේසියක් පැනවීමෙන් බෙදුම්කරුවන් අපහසුතාවට පත්ව ඇති බවත් බැංකු ණය පොලිය සියයට 27 ක් දක්වා ඉහළ දමා තිබීමෙන් පෙරදිනයේ මුදල් තැම්පත් කිරීමෙන් පිරවුම්හල් හිමියන්ට අමතර පාඩුවක් දැරීමට සිදුව ඇති බවත් නාඔටුන්න මහතා වැඩි දුරටත් කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඉන්ධන බෙදුම්කරුවෝ වර්ජනය අවසන් කරති
Namal Keerthirathna Tuesday, 26 July 2022 09:48 PM
නැවෙන් පෙට්‍රල් බෝතල් හරි, කෑන් හරි ගෙනාවා නම් සිපෙට්කෝ ඕනෙත් නෑ. ෂෙඩ් ඕනෙත් නෑ.