(සුජිත් හේවාජුලිගේ )
ඉන්ධන ප්‍රශ්නය නිසා විශේෂයෙන්ම ඈත දුර බැහැර ප්‍රදේශවල මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීම සඳහා මේ සතියේ පැමිණීමද ගැටළුකාරීවී ඇතැයි වාර්තාවේ.
මේ ප්‍රශ්නය පිළිබඳව ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් දැනටමත් කතානායකවරයාගේ අවධානයට යොමු කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මන්ත්‍රීවරුන් පිරිසක් මේ පිළිබඳව හෙට (22) පාර්ලිමේන්තු රැස්වීමේදීද අදහස් දැක්වීමට නියමිතය.
මේ අතර මැති ඇමැතිවරුන් රැසක්ද සිය වාහනවලට ඉන්ධන ලබා ගැනීම සදහා පසුගිය දින කිහිපයේදී දිවයිනේ විවිධ ප්‍රදේශවල ඉන්ධන පෝලිම්වලට එක්වී සිටි බව වාර්තාවේ.
මෙසේ පෝලිම්වල සිට ඉන්ධන ලබා ගෙන ඇති මැති ඇමැතිවරුන් අතර ඩලස් අලහප්පෙරුම රාජිත සේනාරත්න, චන්දිම වීරක්කොඩි ගීතා කුමාරසිංහ මුජිබර් රහුමාන්, ජේ සී අලවතුවල, උදය ගම්මන්පිල, සහ තුෂාර ඉඳුනිල් යන අයද වෙති .
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රියදුරන්ද ඉන්ධන පෝලිම්වල සිට ඉන්ධන ලබා ගෙන ඇතැයි පැවසේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසුවේ තමා මාළිගාවත්ත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක පසුගිය සෙනසුරාදා පැය භාගයකට වැඩි කාලයක් රැඳී සිට සිය වාහනයට ඉන්ධන ලබා ගත් බවයි.
මන්ත්‍රීවරුන්ට විශේෂත්වයක් දක්වා ඉන්ධන ලබා දෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවන බවද ඔහු සඳහන් කළේය.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ඉන්ධන ප්‍රශ්නය මන්ත්‍රීවරුන්ටත්
Rexi Monday, 21 March 2022 09:44 PM
ඇයි මන්ත්‍රීලට විශේෂයක්? රට කන හින්දද?
wicky Tuesday, 22 March 2022 09:19 AM
මිනිස්සු ඔක්කොම පොළිමේ ඉඳිද්දී, මෙයාලා කීපදෙනෙක් විතරක් පොළිමේ හිටියයි කියලා දාන්නේ ඇයි? අනික් අයට තෙල් ඉබේ පාත් වෙනවද.. ? නැත්නම් ලොකුගෙ එක්ක මෙයාලා තරහද?