
(එම්.සුසිල් ප්‍රියන්ත)
ඉන්ධන ප්‍රශ්නයකින් අද (2) පැවති අම්බලන්ගොඩ නගර සභා මාසික රැස්වීම දැඩි ලෙස උණුසුම් විය.
අම්බලන්ගොඩ නගර සභාවට යයි කියමින් අම්බලන්ගොඩ සමුපකාර පිරවුම්පොළෙන් ලබාගත් ඉන්ධන තොගයෙන් වැඩි පමාණයක් නගර සභාවේ සභාපති අරුණ ප්‍රදීප් මහතා ඇතුළු ඉහළ නිලධාරීන් බෙදා ගැනීමේ සිද්ධියක් මෙයට හේතුව වී තිබිණ.
අම්බලන්ගොඩ නගර සභාවේ උප සභාපති කමල් වැල්ලගේ මහතා මේ සම්බන්ධයෙන් කතා කරමින් කීවේ සිය සභාවේ සේවකයින් කිහිපදෙනෙකු අරගත් ඉන්ධන වැඩි මිලට විකුණා ඇති බවය.
අම්බලන්ගොඩ නගර සභාවේ සුඵ කම්කරුවන්ට සාධාරනව ඉන්ධන ලබා නොදී ඉහළ නිලධාරීන් ඉන්ධන බෙදා ගැනීම බොහෝම කුණු වැඩක් බවද වැල්ලගේ මහතා මෙහිදී කීවේය.
මේ ප්‍රශ්නය පිළිබදව පක්ෂ විපක්ෂ මන්තීවරු සභාපති අරුණ පදීප් මහතාට චෝදනා කරමින් කතා කරනු දක්නට ලැබිණ.
මේ ඉන්ධන පලහිලව්වට විරෝධය පා පාලක පක්ෂයෙ උප සභාපති කමල් වැල්ලගේ මහතා ඇතුලු පාලක පක්ෂයේ මන්තීවරුන් වන දිනයාදුර ධර්මදාස,ධම්මික කොඩිකාර,ආර්.එම්.ලසන්ත.ජගත් පියන්ත සභා ගැබයෙන් ඉවත්වී ගියහ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති අරුණ පදීප් මහතා කිවේ සමූපකාර ඉන්ධන පිරවුම්පොලෙන් ඉන්ධන ලබා ගත්තේ රාජකාරී මට්ටමෙන් තොරව තමාගේ ඉල්ලීම නිසා බවය.
2025 නොවැම්බර් මස 04
520
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2252
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1683
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්ධන ප්‍රශ්නයක් දුරදිග ගිහින් අම්බලන්ගොඩ සභාව උණුසුම්
de silva Wednesday, 03 August 2022 09:47 AM
මේ සෙට්එකම ගෙදර යවන්න ඕනේ...!