
( තුසිත කුමාර ද සිල්වා)
බේරුවල ඉන්ධනහලකට වැගන් ආර් රථයකින් පැමිණි පුද්ගලයන් පස්දෙනකු ,,කිව් අර් ,,නොමැතිව ඉන්ධන ලබාදෙන්නයි කළ ඉල්ලීම ඉන්ධන හලෙ සේවකයන් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ කාර් රථයෙන් පැමිණි පිරිස එම සේවකයන්ට පහර දී දේපල වලට හානිකර පලා ගොස් සිටියදී සිද්ධියට සම්බන්ධ තිදෙනකු අද (13) උදෑසන බේරුවල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් පිරිස 52,36, 28 හා 20 වයස්වල සැකකරුවන් පිරිසකි.
ඔවුහු දර්ගා නගරයේ මීගම ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී බේරුවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.
ඉන්ධනහලේ සිටි පුද්ගලයෙක් මෙම දර්ශන වීඩියෝ ගත කර ඇති අතර එම ජංගම දුරකථනය කලහකාරී පිරිස විසින් උදුරා පොළොවේ ගසා විනාශ කර ඇතැයිද පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් බේරුවල වලතර දෙනිය ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් සම්බන්ධව වැඩිදුර විමර්ශනය කිරීමෙන් අනතුරුව හෙට14 ෙකළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම සිද්ධියෙන් ඉන්ධනහලට සිදුවූ අලාභය මෙතෙක් ගණන් බලා නැති අතර ප්‍රහාරයට ලක් සේවකයෙකු කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලිසිය පුළුල් විමර්ශනයක් සිදු කරයි.

2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්ධන පිරවුම්හලේ සේවකයාට පහරදුන් 3ක් අත්අඩංගුවට