IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ඉන්දු පාකිස්තාන තරගයට IS තර්ජන

ඇමෙරිකාවේ පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, ඉන්දු පාකිස්තාන තරගයට අයි.එස්. ත්‍රස්ත තර්ජන එල්ල වී ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය පවසයි.

ඉන්දු පාකිස්තාන තරගයට ප්‍රහාරයක් එල්ල කරන බවට තර්ජනය කර ඇත්තේ ‘අයි.එස්.කේ’ ත්‍රස්ත කල්ලියයි. ‘අයි.එස්.කේ’ හෙවත් ‘අයි.එස්. කොරසාන්’ යනු, ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක වන අයි.එස්. ඉස්ලාමීය ත්‍රස්ත කල්ලියකි. මෙම ත්‍රස්ත කල්ලිය ඇෆ්ගනිස්තානයේ කොරසාන් පළාත කේන්ත්‍රකොට ගනිමින් බිහිවූයේ, සිරියාවේ සහ ඉරාකයේ ක්‍රියාත්මක වූ ප්‍රධාන අයි.එස්. සංවිධානය බටහිර ප්‍රහාර හමුවේ අඩපණ වෙද්දීය.

අද ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනයටත් මෙම ‘අයි.එස්.කේ’ ත්‍රස්ත කල්ලිය බාධාවක් වී ඇත. ඇෆ්ගනිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන්නේ මොවුන්ය.

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, ඉන්දු පාකිස්තාන තරගයට ප්‍රහාරයක් එල්ල කරන බවට තර්ජනය කරමින් ‘අයි.එස්.කේ’ ත්‍රස්ත කල්ලිය වීඩියෝවක් නිකුත් කර ඇති බවත්, එම තර්ජනය කිසිසේත් සුළුකොට තකන්නේ නැති බවත් ක්‍රිකට් තරගය පැවැත්වෙන නිව්යෝක් ජනදපයේ, නසෝව් ප්‍රාන්ත පොලිස්පති පැටි්‍රක් රයිඩර් පැහැදිලි කර ඇත.

ජූනි 6 වැනිදා පැවැත්වීමට නියමිත ඉන්දු පාකිස්තාන තරගයට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි ද පොලිස්පතිවරයා දන්වා ඇත.



අදහස් (4)

ඉන්දු පාකිස්තාන තරගයට IS තර්ජන

රංබොඩ Thursday, 30 May 2024 09:26 AM

මෙහෙමත් ත්‍රස්තවාදීන් බිහිවෙන මූලාශ්‍රයක් ලෝකෙට මොකටද ? බුද්ධියක් ඇති නම් සෑම මිනිසෙකුම සිතිය යුතු යථාර්ථයක් ඒක.

:       5       12

Fairoos Thursday, 30 May 2024 11:46 AM

ඇෆ්ගනිස්තාන් තරඟ වලට බාධාවක් නැද්ද ?

:       0       0

Udara Hemachandra Thursday, 30 May 2024 12:55 PM

ලංකාවට තිබුණු ISIS තර්ජන ගැන ඉන්දියාව කියුවේ මුලින්`2007

:       0       0

Lanka Thursday, 30 May 2024 01:57 PM

රංබොඩ, මෙහෙමත් ප්‍රවෘත්ති ඡන්ද ලං වෙද්දී විතරක් අහන්න ලැබෙන්නේ ඇයි ? බුද්ධියක් ඇති නම් සෑම මිනිසෙකුම සිතිය යුතු යථාර්ථය ඒකයි

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 222 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 67 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 761 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site