IMG-LOGO

ඉන්දීය සහල් ටොන් 11,000 ක් එයි

(යොහාන් භාසුර)

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ආනයනය කිරීමට නියමිත සහල් මෙට්‍රික්ටොන් 40,000 ක මෙට්‍රික්ටොන් 11,000 ක පළමු සහල් තොගය රැගත් නෞකාව අද (12) පස්වරුවේ කොළඹ වරායට ළඟා විය.

මෙම සහල් තොගයේ නාඩු සහල් ටොන් 7,000 ක්, සම්බා සහල් ටොන් 2,000 ක් සහ කැකුළු සහල් ටොන් 2,000 ක් ඇතුළත් බවත් එම සහල් ලංකා සතොස අලෙවි ශාඛා සහ සමූපකාර ප්‍රාදේශික හරහා සම්බා සහල් කිලෝවක් රුපියල් 130 කට, නාඩු සහ කැකුළු සහල් කිලෝවක් රුපියල් 110 බැගින් අළෙවි කරන බවත් වෙළෙඳ අමාත්‍යංශය පවසයි.

ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයෝ මෙම සහල් තොගය, රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති යෝගා පෙරේරා මහතා ඇතුළු වෙළෙඳ අමාත්‍යාංශ නියෝජිතයන්ට භාරදුන්හ. 



අදහස් (1)

ඉන්දීය සහල් ටොන් 11,000 ක් එයි

Lalith Tuesday, 12 April 2022 07:40 PM

කාබනික සහල්.දෙයියන්ගේ හාල් කැවිල කරපු කාබනික විගඩමේ ප්‍රතිඵලය. මේ සල්ලි වලට පොහොර දුන්න නම් අද රටේ ප්‍රශ්න භාගයක් නෑ. මෝඩ ස ගේ අනාගත්ත තීරණ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 366 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 913 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1310 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site