
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ශ්‍රී ගෝපාල් බග්ලේ මහතා මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක ස්වාමීන්න්වහන්සේ සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන ස්වාමින්වහන්සේ බැහැදුටුවේය.
එම අවස්ථාවේදී මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමිපාණන් වහන්සේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සියවස් ගණනාවක් පැරණි සබඳතාව ඉස්මතු කළ අතර විශේෂයෙන්ම විවිධ අර්බුදවලදී ශ්‍රී ලංකාවට සහය දැක්වීමට ඉන්දීය රජය අගය කළහ.
ඉන්දියාව සහ ශ්‍රී ලංකා ශක්තිමත් සබඳතාවයකට මල්වතු පාර්ශ්වයේ මහානායක ස්වාමින්වහන්සේගේ ආශිර්වාදය පිළිබඳව මහ කොමසාරිස්වරයා ස්තුතිය පුද කළේය.
නවදිල්ලි නුවරදී පැවති ගෝලීය බෞද්ධ සමුළුවේ සමාරම්භක දේශනය ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ දායකත්වය අගය කළ මහනාහිමිවරු මෝදි ජනාධිපතිවරයා බුදුදහමට ඇති සමීපත්වය වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද පැහැදිලි වන බව ද පැවසූහ.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර යාත්‍රා සේවා පිළිබඳව විමසා සිටි මල්වතු පාර්ශ්වයේ මහානායක හිමියෝ මෙම වැඩපිළිවෙළ විශේෂයෙන් දෙරටේම සාමාන්‍ය ජනතාවට ප්‍රතිලාභ අත්වන බව අවධාරණය කළහ.
මහනුවර ඉන්දීය සහකාර මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලාංකේය ජනතාවගේ ප්‍රයෝජනය සඳහා සිදුකරනු ලබන ක්‍රියාකාරකම් සඳහා මහනායක හිමිපාණන්ගේ පුද්ගලික මගපෙන්වීම සහ සහයෝගය පිළිබඳව ද මහ කොමසාරිස්වරයා වැඩි දුරටත් ස්තූතිය පුද කළේය.

2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දීය මහ කොමසාරිස් මහ නා හිමිවරුන් මුණ ගැසෙයි
Ahmed (Gulf) Thursday, 27 April 2023 01:10 AM
මේ ඉන්දියන් කාරයෝ මෙහෙම හැසිරෙන්නේ උන්ගේ ඉන්දියන් පළාතේ.