IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඉන්දීය ගුවන් කලාපය වසා දැමේ

දකුණු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහරෙයෙන් පසු, ඉන්දු පාකිස්තාන අර්බුදය දිනෙන් දින උත්සන්න වෙමින් පවතින අතර, පාකිස්තාන ගුවන් යානා සඳහා තම ගුවන් කලාපය වසා දැමීමට ඉන්දියාව ඊයේ (1) තීරණය කළේය.

ඉන්දු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ, පසුගිය 22 වැනිදා සිදුවුණු එම ත්‍රස්ත ප්‍රහාරයෙන්, එම පළාතේ සංචාරය කරමින් සිටි සංචාරකයන් 26 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

ප්‍රහාරයෙන් පසු පසුගිය 24 වැනිදා පාකිස්තානය, ඔවුන්ගේ ගුවන් කලාපය ඉන්දීය ගුවන් යානා සඳහා වසා දැමීය.

එම ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද උණුසුමක් වර්ධනය වූ අතර, ඊයේ (1) ද ඉන්දු කාශ්මීර දේශසීමාවේ ඉන්දු පාකිස්තාන සෙබළුන් අතරේ වෙඩි හුවමාරු සිදුවිය. කෙසේ නමුත් එයින් ද කිසිවකුටවත් තුවාල සිදු නොවිණි.

තමන්ට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරමින්, පාකිස්තාන රජය දිගින් දිගටම පවසා ඇත්තේ ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශණයක් පැවැත්විය යුතු බවය.

සුදුසු පරිදි, සුදුසු වේලාවක, පාකිස්තානයේ ත්‍රස්ත ප්‍රහාර ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන්නැයි ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දීය ආරක්ෂක කමිටුව රැස්කර, ආරක්ෂක අංශ ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.

පාකිස්තාන රජය පවසා ඇත්තේ, ඉදිරි පැය කීපය ඇතුළත ඉන්දීය ගුවන් හමුදාවෙන් ප්‍රහාරයක් එල්ල වේවි යැයි තමන් අපේක්ෂා කරන බවය. මේ වනවිටත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානා ඉන්දු කාශ්මී දේශසීමා කලාපයේ ගුවනේ සැරිසරන බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි, සිය ආරක්ෂක ප්‍රධානීන් හමුවී සාකච්ඡා පැවැත් දෙවැනි අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලබන 9 වැනිදා රුසියාවේ සංචාරයකට යෑමට නියමිත නමුත් ඉන්දු පාකිස්තාන අර්බුදය හේතුවෙන් අග්‍රාමාත්‍ය මෝදි එම සංචාරය ද අවලංගු කර ඇත.

ඉන්දියාවත් පාකිස්තානයත් න්‍යෂ්ටික අවිවලින් සමන්විත රාජ්‍යයන්ය. යුද ගැටුම් උත්සන්න වී න්‍යෂ්ටික ගැටුමක් තෙක් දුරදිග ගියහොත් එය කලාපීය වශයෙන් පමණක් නොව, ගෝලීය වශයෙන් ද ගැටලු රැසක් නිර්මාණය කරනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.

මේ අතර, දකුණු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන්, ඉදිරිපත් වූ පෙත්සමක් භාර ගැනීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.

ජම්මු කාශ්මීර පදිංචිකරුවන් පිරිසක් අදාළ පෙත්සම ඉදිරිපත් කරමින් ඉල්ලා ඇත්තේ, පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට අධිකරණ විනිසුරුවරයෙකු පත් කරන ලෙසය.

පෙත්සම බාර ගැනීම ප්‍රතික්ෂේප කළ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇත්තේ, පෙත්සම ඉදිරිපත් කිරීම හරහා ඉන්දීය හමුදා අධෛර්යමත් වන බවත්, මෙම අවස්ථාවේ ඉන්දියානුවන් එක්ව වැඩ කළ යුතු බවත්, පෙත්සම්කරුවන් එම වගකීම පැහැර හැර ඇති බවත්ය.

(එන්.ඩී.ටීවී)



අදහස් (0)

ඉන්දීය ගුවන් කලාපය වසා දැමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1052 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site