(විමුක්ති එස් රුද්‍රිගු)
චීනය ශ්‍රී ලංකාවේ අධිතාක්ෂණික උපකරණ යෙදවීම ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බව තමිල්නාඩු බුද්ධි අංශ අනතුරු ඇඟවීමක් කර ඇතැයි "ද හින්දු පුවත්පත" වාර්තා කළේය.
චීනයේ මහජන විමුක්ති හමුදා (පීඑල්ඒ) පුහුණුව ලැබූ චීන ජාතිකයින් ශ්‍රී ලංකාව තුළ වැඩි වශයෙන් රැඳී සිටීම සම්බන්ධයෙන් තමිල්නාඩුව බරපතල ආරක්ෂක ගැටළු මතු කර තිබෙන බව "ද හින්දු පුවත්පත" ප්‍රකාශ කළේය.ශ්‍රී ලංකාවේ චීන ජාතිකයන්ගේ ක්‍රියාකාරකම් ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවත් ඒ හේතුවෙන් වෙරළ තීරයේ දැඩි සෝදිසියෙන් සිටින ලෙසත් තමිල්නාඩු බුද්ධි අංශය දින කිහිපයකට පෙර ආරක්ෂක උපදේශනයක් නිකුත් කළ බව "ද හින්දු පුවත්පත" පැවසුවේය.
ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ චීන ජාතිකයන් ස්ථානගත කිරීම සහ අධි තාක්‍ෂණික උපකරණ යෙදවීම හේතුවෙන් නිරන්තර සෝදිසියෙන් සිටින ලෙස තමිල්නාඩු ප්‍රාන්තයේ වෙරළබඩ දිස්ත්‍රික්ක වලට උපදේශන යවා ඇතැයි තමිල්නාඩු ප්‍රාන්තය ප්‍රකාශ කළ බව "ද හින්දු පුවත්පත" සඳහන් කළේය.
මුහුදු කූඩැල්ලලන් වගාවට මුවාවී අති නවීන සංකීරණ උපකරණ චීන මහජන විමුක්ති හමුදාව ශ්‍රී ලංකාවේ යොදවා ඇතැයි අනතුරු ඇඟවීමේ සඳහන් වන බව "ද හින්දු පුවත්පත" පැවසුවේය.
2025 දෙසැම්බර් මස 18
274
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියාව සීරුවෙන්
SISIRA Monday, 17 October 2022 07:52 AM
ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ චීන ජාතිකයන් ස්ථානගත කිරීම හෝ අධි තාක්‍ෂණික උපකරණ යෙදවීම නිසා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අර්බුදයක් ඇතිනොවීමට කට යුතු කලයුතුවේ. උතුරු පළාත ඉන්දියාවට සමීපව පිහිටා තිබිම නිසා ඉන්දියාව සමග සමීප සබදත්වය පලුදු නොවිය යුතුවේ.
චීනක්කන්නාඩි Monday, 17 October 2022 10:17 AM
කූඩැලි බෝම්බ දාල කියල භය වෙලා.