IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඉන්දියාවේ සංචාරක බොට්ටුවක් පෙරලී 21ක් මරුට

(රොමේෂ් මධුෂංඛ)

ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ පිහිටි මලප්පුරම් මුහුදු තීරයේදී  සංචාරක බොට්ටුවක් ඊයේ (07) සවස් කාලයේදී පෙරලීමෙන් පුද්ගලයින් 21 දෙනෙකු මේ වන විට මිය ගොස් ඇති බවටත් තවත් පිරිසක් බරපතල තුවාල ලබා ඇතැයිද එරට මාධ්‍ය පෙන්වා දෙයි.

මලප්පුරම් මුහුදු තීරයේ යොදවා තිබූ සංචාරක බොට්ටුවක් මෙලෙස පෙරලීයාමෙන් මෙම අනතුර සිදුව ඇති අතර බොට්ටුව පෙරලීයාමෙන් අතුරුදහන් වූ පිරිස් සොයා ගලවාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කෙරෙයි.

පෙරලී ගිය බොට්ටුව තට්ටු දෙකකින් සමන්විත වන අතර උඩ තටුවේ වැඩිපිරිසක් ගමන්ගැනීම හේතුවෙන් මෙලෙස බොට්ටුව පෙරලී ගියේදැයි යන සැකසහිත බවට එරට ආරක්ෂක අංශ පැවසීය.

කෙසේ වෙතත් බොට්ටුව පෙරලෙන අවස්ථාවේදී මගීන් 40කට වැඩි පිරිසක් ගමන්කොට ඇති අතරම බොට්ටුව පෙරලීමෙන් බරපතල තුවාල ලබා රෝහල්ගත කල පිරිස්වලද තත්ත්වය බරපතල බවටද ඉන්දීය මාධ්‍ය වර්ථා කොට සිටියේය.

මිය ගිය පිරිස් අතර කුඩා ළමුන් මෙන්ම කාන්තාවන්ද 05 දෙනෙකුගේ ඇතුලු 21 දෙනෙකුගේ මළ සිරුරු හමුවී ඇතැයිද බොට්ටුව පෙරලී යාමෙන් අතුරුදහන් වූ පිරිස් සොයා අඛණ්ඩව මෙහෙයුම් සිදුකරන බවටද ඉන්දීය ආරක්ෂක අංශ වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

ඉන්දියාවේ සංචාරක බොට්ටුවක් පෙරලී 21ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site