ඉන්දියාවේ මාතෘ මරණ අනුපාතය අවම කිරීමට සහ එරටෙහි සෞඛ්‍ය ආරක්ෂාව සඳහා ඉදිරි වසර 7 තුළදී ඩොලර් බිලියන 100 ක් වැය කිරීමට ඉන්දියානු රජය තීරණය කර තිබේ.
වර්තමානයේ පවතින තත්ත්වයට වඩා 2025 වන විට ඉන්දියාවේ සෞඛ්‍ය සඳහා වන වියදම දෙගුණයකින් ඉහළ යා හැකි බව ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදී මහතා පවසයි.
‘අපි ජනතාවගේ සෞඛ්‍ය අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරනවා.‘ විශේෂයෙන් ළමයින්, කාන්තාවන් ,තරුණ පිරිස මේ පිළිබඳව වැඩසටහන් මගින් දැනුම්වත් කරමින් දිගටම ක්‍රියා කරන බවද සඳහන් කළේය.
‘මව්වරුන්ගේ සෞඛ්‍ය දරුවන්ගේ හෙට දිනයේ සෞඛ්‍ය පිළිබඳ තීරණය කරනු ඇතැයි මෝදි මහතා සඳහන් කළේය.
ඉන්දියාවේ දරු උපත් අනුපාතය ඉතා ඉහළ මට්ටමක පැවති බවත් ලෝක බැංකුවේ සංඛ්‍යාලේඛන අනුව 1990 සිට 2015 දක්වා කාලය තුළ මිය යන සංඛ්‍යාව 1006 ක් ද මරණ සංඛ්‍යාව 556 දක්වා අඩු වී ඇතැයිද හෙතෙම ප්‍රකාශ කළේය.
මේ වන විට සෞඛ්‍ය සම්බන්ධයෙන් සංවිධානය කෙරුණු විවිධ ප්‍රතිශක්තිකරණ වැඩසටහන් මගින් සැලකිය යුතු ප්‍රගතියක් පෙන්වා ඇතැයිද අගමැතිවරයා පවසයි.
පසුගිය වසර තුනක කාලයේ ඉන්දියාවේ කුඩා දරුවන් මිලියන 32.2 ක් සහ ගැබිණි මාතාවන් මිලියන 8.4 කට එන්නත් ලබා දී තිබේ. නියුමෝනියව පාචනය වැනි ජීවිත තර්ජන ඇති රෝග සඳහා මෙහිදී විශේෂ අවධානයක් යොමු කර තිබේ.
රජයේ සංඛ්‍යා ලේඛණ වලට අනුව බොහෝ දිස්ත්‍රික්යන්හි දරුවන්ට ලබා දෙන ප්‍රතිශක්තිකරණ එන්නත් ප්‍රමාණය වැඩි කර ඇත.
මාතෘ මරණ අනුපාතය අඩු කිරීම සඳහා කාන්තාවන්ට දරුවන් ලැබීමේදී නිවසට වඩා රෝහල් හි සෞඛ්‍ය මට්ටම ඉහළ බව තහවුරු කිරීම , දරුවන්ට නොමිලේ සෞඛ්‍ය පරීක්ෂණ, මන්ද පෝෂණය වැළැක්වීම හා අවම කිරීම , මෙන්ම මාතෘ මරණ අනුපාතය අඩු කිරීම සඳහා ගත හැකි දැඩි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන් අනුගමනය කරන බවද අගමැතිවරයා පවසා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
( ද ගාර්ඩියන් ඇසුරෙනි)
(36698)
2025 නොවැම්බර් මස 04
774
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2413
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාවේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් විශේෂ අවධානයක්