(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බලශක්ති අන්තර් සම්බන්ධතාවයක් ඇති කර ගැනීම සඳහා සාකච්ඡා අරඹා ඇතැයි ද එම සාකච්ඡා ප්‍රගතිශීලී අදියරක තිබෙන්නේ යැයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්විට්සර්ලන්තයේ දී පැවසීය.
ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයට වඩා වැඩි විදුලි බලයක් වෙරළාසන්න සුළඟින් උත්පාදනය කිරීමේ හැකියාව පවතින බව ලෝක බැංකුවේ මෑතකාලීන වාර්තාවක් පෙන්වා දී තිබෙන බව ජනාධිපතිවරයා කීය.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉන්දියාවේ දකුණු කොටසෙහි වේගයෙන් වර්ධනය වන කාර්මික කලාපය වෙත ශ්‍රී ලංකාවේ අතිරික්ත විදුලිය අපනයනය කිරීමට අවස්ථාව සැලසෙන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
2030 වසර වන විට ශ්‍රී ලංකාවේ විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීම සහතික කිරීම වෙනුවෙන් රජය මේ වන විට කටයුතු කරමින් සිටින බවද ජනාධිපතිවරයා කීය.
මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා ඇමෙරිකා ඩොලර් බිලියන 11.5ක් දක්වා විශාල ආයෝජනයක් අවශ්‍ය වෙන බවද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි ස්විස්ටර්ලන්තයේ ඩාවෝස් නුවර පැවති “හරිත තාක්ෂණ සංසදය” (Green Tech Forum) අමතමිනි. ස්විස් - ආසියානු වාණිජ මණ්ඩලය විසින් මෙය සංවිධානය කර තිබිණි.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියාවේ දකුණු කොටසට ලංකාවේ අතිරික්ත විදුලිය
Kumara Tuesday, 16 January 2024 05:18 PM
අපේ හුලං. ලාභය අදානි ට. අන්තිමේ අපිට හුලං.
Hafeel Tuesday, 16 January 2024 05:34 PM
මෙහෙම තමයි එදා ජේ ආර් මහවැලි ව්‍යාපාරය කරන මොහොතේ කිව්වේ. අවසානයේ විදුලි කප්පාදුත් කරලා, රට බංකලොතුත් කරලා, විදුලිය විකුණනවා කියූ ඉන්දියානු අදානිට මෙම ව්‍යාපාරය දෙන්න තරම් මෙයාලා අසාර්ථකයි.
නිමල්Wednesday, 17 January 2024 04:59 AM
ඉන්දියාවට විදුලිය විකුණන කතාව කිව්වෙ ජේආර් නොව සිරිමාවෝ ආණ්ඩුව කාලෙ හිටපු මෛත්‍රීපාල සේනානායක පොල්ගොල්ල ව්‍යාපාරය ආරම්භ කරන කාලෙ.
පැරකුම් Tuesday, 16 January 2024 05:57 PM
ඉන්දියාවට විකුණන්න කලින් අපේ ෆොසිල් ඉන්ධන භාවිතය අවම කරගත යුතු නොවේද?
Dasa P Tuesday, 16 January 2024 06:30 PM
වැඩේ හොඳයි මහත්තයෝ.. පොඩි අවුලකට තියෙන්නේ ඔය කියන ඔක්කොම දේවල් වෙන්නේ අවුරුදු 10-15 ගිහිල්ලා... අපි පොඩි කාලෙත් ඉන්දියාවට විදුලිය දෙන්න ගියා ඔය උන්නැහේලා... දැන් අපිට කරන්ට් වැදිලා ඉන්නේ ඔයාලගේ කතාව අහලා...
chandima Tuesday, 16 January 2024 06:39 PM
අපට බයිලා ගහලා ඉන්දියාවෙන් විදුලිය ගෙන්වන්න නේද යන්නේ..?
PATTA hora Tuesday, 16 January 2024 07:51 PM
අදානිගේ ව්‍යාපෘතිය ලංකාවට විදුලි බලය ලබාදීමට නොව ඉන්දියාවට සැපයීමටයි. දැනටමත් ඒ සඳහා කේබල් ඇදගෙන යන බව ආරංචියි. ඒ විතරක් නෙවෙයි, ලංකාව ඒ විදුලිය මිලදී ගන්නවා නම් ඒකකයක් රුපියල් 50 කට වඩා වැඩි මුදලක් ගෙවිය යුතුයි... නමුත් දැනටමත් ඩීසල් බලාගාරය ඒකකයක මිල රුපියල් 22 ක් පමණවේ. පිංජනා, ගල් සාගලයා මේකෙන් කෝටි ගණනක් ගැහුවා. ඒවා වහන්න පිනා බොරු වපුරනවා.
Nimal Tuesday, 16 January 2024 08:27 PM
විදුලිය ගැන මොනවා දැනගෙනද මේ කතාකරන්නේ. වසරකට පමණ පෙර අපේ රටේ විදුලිය හිඟවෙලා දිනකට පැය 12 කට වඩා ලයිට් කැපුවා. දැන් හදනවා ඉන්දියාවට විදුලිය දෙන්න. දවල් හීන..
Bamunuarachchi Wednesday, 17 January 2024 06:23 AM
මේවට තමයි කියන්නේ මූද හත්ගව්වක් තියෙද්දි අමුඩ ගහනවා කියලා. බිත්තර වෙළෙන්දිගේ කථාව මතක් උනා
ගව්තම් අදානි Wednesday, 17 January 2024 10:51 AM
ඔය අතිරික්ත විදුලිය ඔයාගෙයි, ගාල්ලේ ගවයගෙයි, සාගල wifeගෙයි, පස්චාත් භාගයට අපනයනය කලොත් වඩාත් හොඳයි.