IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඉන්දියාවෙන් වතු කම්කරු දරුවන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව

(යොහාන් භාසුර)

වතු කම්කරුගේ දරුවන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනක් ඉන්දියානු රජය ආරම්භ කර ඒ සඳහා එම දරුවන්ගෙන් අයදුම්පත් කැඳවන බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.  

අ.පො.ස. උසස් පෙළ, කාර්මික විද්‍යාලවල, උපාධි පාඨමාලා සහ වෘත්තීය සහ තාක්ෂණික අධ්‍යාපනය. අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් (අවම  සාමාර්ථ 6 ක් සහිත) සහ වයස අවුරුදු 25 ට අඩු පුද්ගලයන්ට මෙම ශිෂ්‍යත්වය සඳහා අයදුම් කළ හැකි බවත් අයදුම්පත් www.hcicolombo.gov.in වෙබ් අඩවියෙන් බාගත කරගත හැකි අතර නැතහොත් මහ කොමසාරිස් කාර්යාලයෙන් (අංක 36-38, ගාලු පාර, කොළඹ-03) සහ ඉන්දියානු සහකාර මහ කොමසාරිස් කාර්යාලයෙන් (01 ඒ, මහාමායා මාවත, තැ.පෙ. 47, මහනුවර) යන ස්ථානවලින් ලබාගත හැකි බවත් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

සම්පුර්ණ කළ අයදුම්පත් උප්පැන්න සහතිකයේ ඡායා පිටපතක්, අපොස සාමාන්‍ය සහ උසස් පෙළ ප්‍රතිඵල පත්‍රය, දෙමාපියන්ගේ අලුත්ම වැටුප් පත්‍රිකාව සහ දෙමාපියන්ගේ රැකියාව සම්බන්ධයෙන් වතු අධිකාරීවරයාගේ සහතිකය සමඟ ඉදිරිපත් කළ යුතු බව කියන ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිසි පරිදි සම්පුර්ණ කරන ලද ආකෘති පත්‍ර ලේකම්, ඉන්දියානු මහ කොමසාරිස්, තැ.පෙ. 882, කොළඹ-03 යන ලිපිනයට මෙම මස 29 වැනිදාට පෙර යොමුකළ යුතු බව ද සඳහන් කරයි. 



අදහස් (2)

ඉන්දියාවෙන් වතු කම්කරු දරුවන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව

rattu Monday, 03 April 2023 03:39 PM

දෙනදෙයක් රටේ සියලුම අඩු ආදායම් ලාභීන්ට දිය යුතුයි. ඉන්දියාව මේ කරන්නේ වතුකරයත් වෙනම රටක් කරන එකයි....

:       1       5

Demuni Uduwara Tuesday, 04 April 2023 03:53 AM

ඉන්දියාව සහ චීනය තරඟකාරී ලෙස රට තුළ සිය ව්‍යාප්තවාදය දියත් කර ඇත! චීනය හැම්ප්ටන්හි පිරිපහදුවක් ඉදිකිරීමට යයි; ඉන්දියාව ත්‍රිකුණාමලයේ පිරිපහදුවක් ඇති කිරීමට උනන්දු වෙයි. දොන් ජුවාන් ධර්මපාල වැනි පාලකයෙක් අපට සිටීද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site