IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඉන්දියානූ සූපවේදීනිය කොකේන් සමඟ කටුනායකින් අල්ලයි

 

(ටී.කේ.ජී.කපිල )

රුපියල් හය කෝටි පනස් හත් ලක්ෂ හැට දහසක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික කාන්තාවක් අද(06)  කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

ඇය ඉන්දියාවේ මිසෝරාම් ප්‍රදේශයේ පදිංච් 29 හැවිරිදි සූපවේදිනියකි .ඇය මීට පෙර තුන් වරක් මෙරටට පැමිණ ඇති බව ගමන් බලපත්‍ර ඇසුරෙන් සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට ලැබී තිබූ බුද්ධි තොරතුරු මත මෙම අත් අඩංගුවට ගැනීම සිදු කළ අතර , ඇය විසින් රැගෙන ආ ගමන් බෑගයේ ව්‍යාජ පතුළක , පොලිතින් ඇසුරුම් තුළ ඔතා , මෙම කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 644 ක් සගවා ගෙන තිබු බව කියයි.



අදහස් (3)

ඉන්දියානූ සූපවේදීනිය කොකේන් සමඟ කටුනායකින් අල්ලයි

චතුරි Sunday, 06 April 2025 06:11 PM

දේශිය විදෙශීය... දූශිත හොරුන්ට නැවත ලන්කාවට නොඑන්නත්, දේශීය දූෂිතයන්ට රටින්පිට නොවෙන්නත්... ඔවුන්ගේ. ගුවන් බලපත් අහෝසි කරන්න...!

:       2       4

Rasika Sunday, 06 April 2025 07:28 PM

ඔබ දන්නේ නැති වුණාට දකුණු ආසියාවේ ඉන්න ලොකුම හොරා, ලොකුම කුඩු රජා තමයි මේ දවස්වල ලංකාවේ ඉඳලා අද ඉන්දියාවට හෙලිකොප්ටර් එකකින් ගියේ. සැක නම් හොයලා බලන්න.

:       4       9

රාසික් Sunday, 06 April 2025 08:43 PM

ඔය ආපු බඩුත් එයාගේ. කිරින්ද වරායේ තව නැව් 2 ක්‌ තියෙනවා. ඒවත් එයාගේ. අද අල්ලපු නැවේ මුල ඉන්නෙත් එයා තමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 377 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site