
(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර දොඩම්වල හල්ලොලුව පාලම අසල හුදකලාව පිහිටි සුපිරි නිවාසයක් තුළ තරුණ ඉන්දියානු ජාතිකයන් පිරිසක් විසින් පවත්වාගෙන ගිය බවට සැකකරන පරිගණක අපරාධ මධ්‍යස්ථානයක් වටලා එම ඉන්දියානු ජාතිකයන් 12 දෙනකු සහ පරිගණක ලැප්ටොප් ඇතුළු විශාල භාණ්ඩ තොගයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
රුපියල් ලක්ෂ තුනකට ආසන්න මාසික කුලී මුදලක් ගෙවා වයස අවුරුදු 30 ට අඩු ඉන්දියානු තරුණයන් දොළොස් දෙනෙකු විසින් එම නිවස කුලියට ගෙන කිසිවෙකුටත් ඇතුල් විය නොහැකි ආකාරයට ආරක්ෂක ගේට්ටු යොදා ඔවුන්ගේ ව්‍යාපාරය කරගෙන ගොස් ඇති බව පොලිසිය කියයි .
මෙම ස්ථානයේ ජාත්‍යන්තර මට්ටමේ අන්තර්ජාල ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති බවට හෝ වෙනත් පරිගණක අපරාධ මෙම ස්ථානයේදී සිදුකොට ඇතිද යන්න සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ .
ඔවුන්ගේ ආහාර පිස ගැනීම සඳහා ඉන්දියාවෙන් කෝකිවරුන් දෙදෙනෙකු ද ගෙනැවිත් තිබූ බව පවසන පොලිසිය ඔවුන් කිසිවෙකුටත් දහවල් කාලයේ එම නිවසෙන් පිටවීම තහනම් කොට තිබී ඇති බවද කියයි .
.
2025 දෙසැම්බර් මස 18
555
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියානුවන් 12ක් මහනුවරිනුත් අල්ලයි
Hemantha Tuesday, 02 July 2024 07:54 PM
මේ කාලකන්නි ඉන්දියානු උන් ඇවිත් අපේ රට විකුනුවා නම් අපි දන්නේත් නැ