IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඉදිකිරීම් කර්මාන්තයේ නිරතවූවන්ට හැඳුනුම්පතක්

(තිළිණි ද සිල්වා)
 
ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත‍්‍රයේ නියැළී සිටින පිරිස් සඳහා හැඳුනුම්පතක්  හඳුන්වා දීමට රජය පියවර ගෙන ඇත.
 
මේ අනුව පෙදරේරු කර්මාන්තය, වඩු කර්මාන්තය, විදුලි කාර්මික ශිල්පී ආදී ක්ෂේත‍්‍රවල නිරත ප‍්‍රජාව සඳහා මෙම හැඳුනුම්පත නිකුත් කෙරෙන අතර ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය සහ ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ඒකාබද්ධව මෙම හැඳුනුම්පත ලබා දෙනු ලැබේ.
 
විශේෂයෙන්ම මෙවැනි හැඳුනුම්පතක්  නිකුත් කිරීම මගින් ජනතාවට ගුණාත්මක හා විශ්වසනීය සේවාවක් ලබා ගැනීමට රුකුලක්  වෙතැයි ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සඳහන් කර සිටී.
 
තවද  එහි නිරතවූවන්ට සිය රැකියා සඳහා සේවාලාභීන් ආකර්ෂණය කරගැනීමට මෙන්ම  වෘත්තීමය වරප‍්‍රසාද තහවුරු කරගැනීමට මෙය බෙහෙවින් උපකාර වෙතැයි ද නියෝජිතායතනයේ වැඩසටහන් අධ්‍යක්ෂ කාංචන තුඩුගල මහතා කියා සිටී.
 
මෙම හැඳුනුම්පත සඳහා වන  මෘදුකාංග සංවර්ධනය  කිරීම සහ තොරතුරු තාක්ෂණ සහාය ලබා දීම නියෝජිතායතනය විසින් සිදුකෙරේ.
 
මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම  ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපති ඉංජිනේරු ගැමුණු අලවත්තේගම සහ ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව යන මහත්වරුන් අතර නොබෝදා ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශයේදී  සිදු කෙරිණි.



අදහස් (0)

ඉදිකිරීම් කර්මාන්තයේ නිරතවූවන්ට හැඳුනුම්පතක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 306 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site