
(නිමල කොඩිතුවක්කු)
ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලි මීටර් 150 ට වැඩි ඉතා තද වැසි සහ සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වල මිලි මිටර් 150 ක පමණ ඉතා තද වැසි සහ දිවයිනේ සෙසු ප්‍රදේශවල මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
උතුරු, උතුරුමැද , වයඹ සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝ මීටර් 50 ක පමණ තද සුළං ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සෙසු ප්‍රදේශවලත් විටින් විට පැයට කිලෝ මීටර් 40 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බැවින් තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
නිරිතදිග බෙංගාල බොක්ක සහ ශ්‍රී ලංකාව අශ්‍රිතව පහළ වායුගෝලයේ පැවති කැළඹිලි තත්ත්වය අඩු පීඩන තත්වයක් දක්වා වර්ධනය වීම මෙම තත්වයට හේතුවී ඇතැයිද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමුකරන ලෙසත් එම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.
2025 නොවැම්බර් මස 21
118
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
199
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1062
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ඉදිරි දිනවල වැස් වැඩි වන හැඩ