IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඉදිකිරීම් අධිකාරියේ ප්‍රධානියා ඇතුළු අධියුරු මඩුල්ලට නොතීසි

(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකිරීම සඳහා හේතූ ඇත්නම් ලබන මස 15 වැනිදා අධිකරණයේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙස නියම කරමින් අභියාචනාධිකරණය ඉදිකිරීම් කර්මන්ත සංවර්ධන අධිකාරීයේ සභාපති මහාචාර්්‍ය සොහාන් විජේසේකර මහතා ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලයට සිතාසි නිකුත් කළේය.

සේවය අවසන් කළ ඉදිකිරීම් කර්මන්ත සංවර්ධන අධිකාරීයේ මුල්‍ය අධ්‍යක්‍ෂ තරංග විශ්වජිත් සෙම්බුකුට්ටිආරච්චි මහතා යළි සේවයේ පිහිටුවමින් අභියාචනාධිකරණය දුන් නියෝගය අනුව කටයුතු නොකිරීමෙන් එම අධිකාරීයේ සභාපති මහාචාර්්‍ය සොහාන් විජේසේකර මහතා ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලයට එරෙහිව ගොනු කළ පෙත්සමකට අදාළව ජනාධිපති නීතීඥ දිල්රුක්‍ෂි ඩයස් මහත්මිය ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුව එලෙස සිතාසි නිකුත් කළේය.

අභියාචනාධිකරණ විනිසුරුවරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබු අවස්ථාවේදී එලෙස නියම කෙරිණී.

සේවය අවසන් කළ ඉදිකිරීම් කර්මන්ත සංවර්ධන අධිකාරීයේ මුල්‍ය අධ්‍යක්‍ෂ තරංග විශ්වජිත් සෙම්බුකුට්ටිආරච්චි මහතා යළි සේවයේ පිහිටුවමින් අභියාචනාධිකරණය දුන් නියෝගය අනුව කටයුතු නොකිරීමෙන් එම අධිකාරීයේ සභාපති මහාචාර්්‍ය සොහාන් විජේසේකර මහතා ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලයට එරෙහිව නඩු විභාගයක් පවත්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) වගන්තිය යටතේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ඔවුන්ට දඬුවම් පමුණුවන්නැයි ඉල්ලමින් තරංග විශ්වජිත් සෙම්බුකුට්ටිආරච්චි මහතා විසින් මෙම පෙත්සම ගොනු කරන ලදී.

 



අදහස් (2)

ඉදිකිරීම් අධිකාරියේ ප්‍රධානියා ඇතුළු අධියුරු මඩුල්ලට නොතීසි

sriyal Tuesday, 18 October 2022 07:37 AM

නීතිය දන්නෙ නැතුව වැඩ පෙන්නන්න හදන කොට ඔහොම ඇන ගන්නවා

:       0       2

Pankumburage Tuesday, 18 October 2022 11:55 AM

මොන ඇන ගනිල්ලක්ද. තරයේ අවවාද කරලා ගෙදර යවයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 274 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site