IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි

(මනෝප්‍රිය ගුණසේකර)

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට වරදකරුවන් බව තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ඔවුන්ට වසර 35 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්  නියම කළේය.

මීට වසර 10කට පෙර අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් කෝටි 12 1/2 විත්තිකරුවන් සිව්දෙනාගෙන් වෙන් වෙන්ව අයකර ගැනීමට නියම කළ විනිසුරුවරයා පළමු විත්තිකරුට රුපියල් 27,000/-ක් සහ ඉතිරි විත්තිකරුවන් තිදෙනාට රුපියල් 25,000/- බැගින්ද දඩ ගෙවීමටද නියම කළේය.

රජකාරී බලතල අවභාවිතා කරමින් රජයේ නිළධාරීන් කෙරෙහි මහජනතාව තුළ ඇති විශ්වාසය බිඳී යන අයුරින් කටයුතු කළ හෘද සාක්ෂියක් නොමැති කෑදරකමටමුදල රැස්කළ මෙවැනි රජයේ නිළධාරීන්ට උපරිම දඬුවම් දෙන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා විත්තිකරුවන්ට එලෙස දඬුවම් නියම කළේය.

චෝදනාවන්ට වරදකරුවන් වීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ ශ්‍රී ලංකා රේගුවේ සහකාර රේගු අධිකාරී උපාලි ගුණරත්න පෙරේරා, රේගු අධිකාරී වසන්ත විමලවීර, රේගු අධිකාරී උපාලි සෙනරත් වික්‍රමසිංහ සහ රේගු අධිකාරී සුජීව පරාක්‍රම ජිනදාස නමැත්තන්ටය.

 



අදහස් (11)

ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි

Jude Fernando Wednesday, 06 November 2024 08:57 PM

මෙම අල්ලසට වැඩිය ලොකු අල්ලස් ගොඩාක් ඇති. ඒවා රහසිගත බැවින්ද, සමහරක් විට රටින් පිට සිදුකර ඇති බැවින් ද දැන ගැනීමට අවකාශයක් නැත.

:       0       0

Jagath Wednesday, 06 November 2024 09:03 PM

මේ දඬුවම ඉතාමත්ම හොඳ ආදර්ශයක්.

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 06 November 2024 09:16 PM

වසර තිස් පහක් හිරේ. අළුත් ආණ්ඩුවේ හොද ආරම්භයක්. දැන් ඉතිං දේශපාලනයේ යෙදෙමින් පාර්ලිමේන්තුවේ හිටපු හොරුන්ව අල්ලමු. අරිමු ඇතුලට එකෙන්ම බරපතල වැඩ ඇතිව.

:       0       0

sugath Thursday, 07 November 2024 01:03 AM

දැන් මයේ කිරිපුතාලාට තිබුණු අමාරුව හොඳ වෙලා ඇති නේද? රේගුවේ, දේශීය ආදායම්, පොලිසිය, බන්ධනාගාරය වගේ ආයතනවල ඉන්න අයගේ වත්කම් හා ඒවා උපයාගත් ආකාරය නිසිලෙස සොයා බැලුවොත් ඉන් බහුතරක් හිරේ. නමුත් අවාසනාවට ඒවා වෙන්නේ නැහැ.

:       0       1

B amarasinghe Thursday, 07 November 2024 02:41 AM

ඔය අහුවෙන ඒවා නේ. තව කොහොම ඇතිද?

:       0       0

Great Thursday, 07 November 2024 07:05 AM

නියමයි...! 

:       0       0

Mohan Thursday, 07 November 2024 07:18 AM

බලන්න දඩමුදල්, කොච්චර පොඩිද? ඒවා වෙනස් කරන්න බැරිද?

:       0       0

Sriyal Thursday, 07 November 2024 09:14 AM

විශිෂ්ඨ තීන්දුවකි

:       0       0

Bunny Preena Thursday, 07 November 2024 09:20 AM

දැනට සේවයේ සිටින එවැනි දේවල් කරන දූෂිතයින්ට මෙයා හොඳ අනතුරු හැඟවීමක්....

:       0       0

Indhika Thursday, 07 November 2024 10:37 AM

නොදකින් ලංකාවේ කාලකන්ණි නීති. ඉතිහාසේ ලොකුම අල්ලසට දඩුවම රුපියල් 27,000/-. වරදකරුවෝ හොරාකාපු මුදලින් 0.02%.

:       0       0

manjula Thursday, 07 November 2024 11:51 AM

ඔන්න දැන් වැඩ පටන් ගත්තා විතරයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site