IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සමත්ව ඇත.

සෞදි අරාබියේ ජෙඩා නුවරදී අද (25) පැවැති අයි.පී.එල් වෙන්දේසියේදී වෛභව් සූර්යවංශිව ඉන්දීය රුපියල් කෝටි 1.1 කට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවේය.

අවුරුදු 13 දින 243 ක් වයසැති වෛභව් සූර්යවංශි මිලදී ගැනීම සඳහා දිල්ලි කැපිටල්ස් කණ්ඩායාම සහ රාජස්ථාන් රෝයල්ස් ලංසු යුද්ධයකට එළැඹි අතර අවසානයේදී ඉන්දීය රුපියල් කෝටි 1.1 ක මුදලකට සූර්යවංශි අලෙවි විය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත්වූ ළාබාලතම ක්‍රීඩකයා වන්නේද වෛභව් සූර්යවංශිය.

සයෙඩ් මුෂ්ටාක් අලී කුසලානයේදී සිය පළමු පෙළ මංගල එක්දින ක්‍රීඩා තරඟය ක්‍රීඩා කරමින් පෙරේදා (23) වෛභව් සූර්යවංශි ක්‍රිකට් පිටියට අවතීරණ විය. එහිදී ඔහු බිහාර් කණ්ඩායමේ පිතිකරුවකු ලෙස ක්‍රීඩා කළේ. පළමු පෙළ මංගල එක්දින තරඟය ක්‍රීඩා කර දින දෙකකට පසු රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව ලැබීමත් සමග සියලු දෙනාගේම අවධානය අවධානය වෛභව් සූර්යවංශි  වෙත යොමු වූවේය.



අදහස් (1)

ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා

fairoos Tuesday, 26 November 2024 01:31 PM

කෝටිපතියෙක්... සුබ පැතුම්

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 639 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site