IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඉණවටක් ගිලෙමින් අවසන් ගමන් යයි

(නිශාන්ත කුමාර)
 
බදුලු ඔයේ අහස්මංකඩ තොටුපල හරහා එගොඩ මෙගොඩ වීමට පාලමක් නොමැතිවීමෙන් මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තල්දෙන 11 කණුව ගම්මානයේ දී මියගිය මාතාවකගේ සිරුර අද (15) පස්වරුවේ ගම්වැසියෝ බදුලු ඔයේ  කරවටක් ගිලෙමින් ඔයෙන් ඒගොඩ පිහිටි පොදු සුසාන භූමිය වෙත රැගෙන යන අයුරු දක්නට ලැබේ.

මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තල්දෙන කුකුරුමහන්තැන්න, කොහාන, වැවතැන්න මාළිගාතැන්න හා ඒ අවට ගම්මානවල ජනතාවට බදුලු ඔයෙන් මෙපිට පිහිටි පොදු සුසාන භූමියට, මෙන්ම වෙල්යායට පැමිණීමට බදුලුඔය තරණය කිරිමට සිදුවේ.

බදුලුඔය හරහා  එහා මෙහා යාමට පාලමක් ඉදිකර දෙන ලෙස මෙම ජනතාව  වසර ගණනාවක සිට ඉල්ලීම් කළත් වසර දෙකකට පමණ පෙර  මංකඩ හරහා පාලමක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළ මුත් හිටිහැටියේම එහි ඉදිකිරීම් අතරමග නවතා දමා තිබේ.



අදහස් (9)

ඉණවටක් ගිලෙමින් අවසන් ගමන් යයි

sampath Monday, 15 February 2021 06:55 PM

ඔය ප්‍රදේශයට ප්‍රාදේශීය සභා උත්තමයෙක්වත් නැද්ද මන්දා... ජනතාවත් දැනගන්න ඕනේ කොහු ඉදල් අතට ගන්න... මනාප හිඟමනේ එද්දී මේ තමයි රටක් පත්කරපු ඉරණම.. උගතුන් සහ නූගතුන් එකතු වෙලා...

:       2       22

69lakshaya Monday, 15 February 2021 09:53 PM

ඔය ගමත් එක්ක කවුරුවත් පිළිසඳරක් තියලා නැද්ද?

:       7       26

Nishan Monday, 15 February 2021 10:31 PM

කෝටි ගාණක් සල්ලි නාස්ති කරමින් මීමුරේ ටුවර් වලට නාස්ති කරන සල්ලි වලින් මේ වගේ වැඩක් කරලා දෙන්න බැරිද? එහෙම හිතන්න තරම්වත් මනුස්සකමක් නැද්ද මේ පාලකයින්ට?

:       8       23

upul Tuesday, 16 February 2021 12:44 AM

ලබන පාර ඡන්දෙටත් උදේම ගිහින් කතිරෙ ගහලා වරෙල්ලා... එතකොට පාලමක් ලැබෙයි.

:       3       26

ASANKA Tuesday, 16 February 2021 06:26 AM

ඉවසලා ඉන්න.. නෙලුම් කුළුණට හරි, ඉදිකිරීම් පවතින මැණික් කුළුණට හරි රටේ නායකයෝ නැග්ග වෙලාවක ඕක දකීවි... එවිට වහාම පාලම හදලා දෙයි.

:       10       34

Chatura Tuesday, 16 February 2021 07:29 AM

සෑම රජයක් විසින් තම පහසුවට රටේම ඉඳන් බෙදා දීමේ ප්‍රතිඵල තමයි මේ... මිනිස්සුන්ගේ ගෙවල් හැමතැනම විසුරුවනවා. ඊටපස්සේ හැම තැනම යටිතල පහසුකම් ඕනෑ. කෝටි ගාණක් වියදම් කළත් පාවිච්චි කරන්නේ පවුල් කිහිපයක්.. අවුරුදු කීපයක් යනකොට හැමෝම ආයේ එකට ජීවත් වෙන්න නගරයට එනවා.

:       1       17

Hussai Tuesday, 16 February 2021 07:53 AM

වතුර අඩු හින්දා හොඳයි...

:       2       12

fairoos Tuesday, 16 February 2021 08:33 AM

වසර 2ට කළින් පාලමක් ඉදිකරන්න ආරම්භ කරලා තියෙන්නේ.. මේ ආණ්ඩුව ඕක නවත්තලා... දැන් මේවා ලොකු ප්‍රශ්න නෙවෙයි. මුස්ලිම් සිරුර භූමදානයට ඉඩ දුන්නොත් තමයි ප්‍රශ්නයක් වෙන්නේ.

:       5       17

සේනක~ඉතාලිය Wednesday, 17 February 2021 07:08 AM

දේශපාලුවනි, මෙන්න කරනවා නම් වැඩ. මහලොකුවට පුරසාරම් දොඩවා දොඩවා මහමෙරක් උසට කුළුණු ඉදිකලාට වැඩක් නැහැ. මේවා තමයි ජනතාවට අත්‍යාවශ්‍ය සේවාවන්. ඡන්දය ගන්න විතරක් ගම්වලට ගිහිල්ලා වැඩක් නැහැ.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 718 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17954 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 769 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site