(දයාරත්න ඇඹෝගම)
ඉඩම් ආරාවුලක් දුරදිගයාමෙන් 60 හැවිරිදි සොයුරා විසින් සිය වැඩිමහල් සොයුරියගේ 74 හැවිරිදි සැමියාට උදැල්ලකින් පහරදි ඝාතනය කොට ඇතැයි ගල්නෑව පොලිසිය කියයි.
මෙසේ ඝාතනය කොට ඇත්තේ අංක 146,හෙළබදුගම,ගල්නෑව යන ලිපිනයේ පදිංචිව සිටි දැහැනක මුදියන්සේලාගේ අබේරත්න බණ්ඩා(74)නැමති ගොවියෙකි.
මෙම ඝතනය සම්බන්ධයෙන් හෙළබදුගම,ගල්නෑවේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකු සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගනු ලැබු මෙම පුද්ගලයා සිද්ධියවු දින හෙළබදුගම.ඩි 16 වෙල් යායේ කුඹුරක නියර බදිමින් සිටි අවස්ථාවේදි එම ස්ථානයට පැමිණි සිය වැඩි මහල් සොයුරියත් ඇයගේ සැමියාත් අතර මෙම කුඹුරැ ඉඩම සම්බන්ධයෙන් ආරවුලක් හට ගෙන ඇති බව පොලිසිය කියයි.
එහිදි සැකකාර සොයුරා විසින් උදැල්ලෙන් සිය සොයුරියටත් ඇගේ සැමියාටත් පහරදි ඇති බවද පොලිසිය පැවසිය.
එම සිද්ධියෙන් බරපතල තුවාල ලැබු මොවුන් දෙදෙනා ගල්නෑව රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරැව සොයුරියගේ සැමියා මිය ගොස් තිබුණි.
අත්අඩංගුවට ගනුලැබු සැකකරු අද (20)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඉඩම් ආරවුල දුර දිගගොස් උදලු පහරින් මස්සිනා මරුට