IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ඉඩම් අරවුලකට කෝෂයක් කපලා

(නිශාන්ත කුමාර)

තියුණූ ආයුධයකින් රහස් ප්‍රදේශයට  පහරදීමෙන්  වෘෂණ කෝෂය කැපී බරපතල තුවාල ලැබූ පුද්ගලයකු  රෝබේරිය ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල පළාත් මහ රෝහලට ඇතුළත් කර ඇත.

මෙලෙස රෝහල් ගත කර ඇත්තේ පිටමාරුව සූරියගොල්ල ගම්මානයේ පදිංචි වයස අවුරුදු 41 ක අවිවාහක පුද්ගලයෙකි.

ඉඩම් ආරවුලක් සහ පෞද්ගලික කෝන්තරයක් ගැටුමට හේතු වී ඇත.

කිසියම් කටයුත්තක් සඳහා තම වත්තට ගොස් ආපසු එමින් සිටියදී රාත්‍රී 08.30 ට පමණ මග රැක සිටි  පුද්ගලයෙකු සරම ගලවා අතෙහි වූ පිහියකින් වෘෂණ කෝෂය කපා තුවාල සිදුකල බව තුවාලකරු පවසයි.

පිහියෙන් කැපීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ඔහුගේ ඥාතීන් විසින් රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන තුරුත් කිසිවෙකුත් පොලීසිය වෙත පැමිණිලි කර නොමැති අතර රෝහල මගින් පොලිසිය වෙත දැනුම් දීමට නියමිතව තිබිණි.

 



අදහස් (1)

ඉඩම් අරවුලකට කෝෂයක් කපලා

sisira Tuesday, 14 February 2023 04:33 PM

අපි ආපුගමන් දියවන්නාවේ ඉන්න අයටත් මේ දඬුවම දෙනවා !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 541 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site