IMG-LOGO

ඉංගිරියේ පුද්ගලයින් 13 ක් නිරෝධායනයට

(නිමාලි කහවල)

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් රඳවා සිටින කන්දකාඩු කඳවුරේහි සේවය කළ, කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වූ පුද්ගලයින් ඇසුරු කළ බවට සැකපිට ඉංගිරිය පොලිස් වසමේ පුද්ගලයින් 13 ක් මේ වනවිට ඔවුන්ගේ නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ. 

ඉංගිරිය සිට කතරගම ප්‍රදේශයේ චාරිකාවක් සඳහා ගොස් සිටි අතරතුර එම පුද්ගලයින් නවාතැන්ගත් ස්ථානයකට කොරෝනා ආසාදිත පුද්ගලයකු පැමිණ ඇති බවට තහවුරු කරගත් තොරතුරු මත ඉංගිරිය, ඉමගිර ප්‍රදේශයේ නිවෙස් දෙකක සාමාජිකයින් පිරිසක් සහ කොරෝනා ආසාදිතයකු පැමිණ ගිය බවට තහවුරු වූ හොරණ නගරයේ ආපන ශාලාවක සේවය කළ රත්මල්ගොඩ ප්‍රදේශයේ මුදල් අයකැමිවරයකු ඇතුළු පවුලේ සාමාජිකයින් පිරිසක් මෙලෙස ස්වයං නිරෝධායනයට ලක්කර ඇත.

මෙම ස්ථාන දෙකටම පැමිණ ඇති කොරෝනා ආසාදිතයින් දෙදෙනාම මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් රඳවා සිටින කන්දකාඩු කඳවුරෙහි සේවය කළ යුද හමුදා සාමාජිකයින් බවට තහවුරුව ඇති බවට පොලිස් ආරංචි මාර්ග පවසයි.

කොරෝනා ආසාදිත එක් යුද හමුදා නිලධාරියකු සිය බිරිඳ ද සමඟ පැමිණ ආහාර ලබාගත් හොරණ නගරයේ ආපනශාලාව මේ වනවිට විෂබීජහරණයට ලක්කර වසාදැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ. එහි සේවය කළ අඟුරුවාතොට ප්‍රදේශයේ තවත් අයෙකු ඇතුළු එම පවුල්වල සාමාජිකයින් ද ස්වයං නිරෝධායනයට ලක්කර ඇත.

හොරණ නගරයේ මෙම ආපන ශාලාවට පැමිණි හමුදා නිලධාරියා සිය බිරිඳ ද සමඟින් හොරණ සිට ඉංගිරිය හරහා රත්නපුර ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවසට ගමන්කර ඇති බවට මේ වනවිට තොරතුරු ලැබී ඇති අතර, ඔවුන් ඒ සඳහා යොදාගත් ප්‍රවාහන සේවා සහ ඒවායේ ගමන්ගත් පුද්ගලයින් සම්බන්ධයෙන් ඉංගිරිය මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ ඉංගිරිය පොලිසිය එක්ව පුළුල් මෙහෙයුමක් ආරම්භ කර ඇත.

 



අදහස් (1)

ඉංගිරියේ පුද්ගලයින් 13 ක් නිරෝධායනයට

mashta baldu Thursday, 16 July 2020 05:19 AM

කන්දකාඩු හමුදාව හැමතැනම ඉඳලා...

:       52       64

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 164 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 480 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 72 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site