IMG-LOGO

2024 මැයි මස 12 වන ඉරිදා


ඇහැලේපොඵ වලව්ව ඉටි රූප කෞතුකාගාරක් වෙයි

(අංජුල මහික වීරරත්න)

ඓතිහාසික ඇහැලේපොඵ වලව්ව  නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිසංස්කරණය කර දළදා මාලිගාවට පවරා දීමෙන් පසු පුරාවිද්‍යාත්මක හා සංස්කෘතිකමය වටිනාකම් ආරක්ෂා කර ගනිමින් එහි ඉටි රූප කෞතුකාගාරයක් නිර්මාණය කරන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා නාගරික සංවර්ධන අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

ඇහැලේපොල වලව්ව අයත් මහනුවර යුගයේ ගෘහනිර්මාණ ශිල්ප, චාරිත්‍ර වාරිත්‍ර සංස්කෘතිය, ආහාර රටාව, කර්මාන්ත හා කලා ශිල්ප ද එම වලව්ව තුල ඉටි රූප ආශ්‍රිතව ප්‍රතිනිර්මාණය කෙරෙන අතර  ජාතික වීරවරයන් වන මොණරවිල කැප්පෙටිපොළ දිසාව, ඇහැලේපොල මහාධිකාරම්තුමා, දේවේන්ද්‍ර මූලාචාරීතුමා මෙන්ම ඇහැලේපොල පවුලේ සාමාජිකයන්ගේද ඌව වෙල්ලස්ස කැරැල්ලට නායකත්වය දුන් නායකයන්ගේ ජීවමාන ඉටිරූප මෙහි නිර්මාණය කිරීමට සැලසුම් කර ඇත . 

මෙරට පෞඩෟත්වය හා අභිමානය විදහා දැක්වෙන මෙම ඉටි කෞතුකාගාරය දෙස් විදෙස් ආකර්ශනය දිනා ගනු ඇතැයි විශ්වාස කරන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලබණ්ඩාර මහතා පවසයි.

මහනුවර යුගයට අයත් ඇහැලේපොල වලව්ව ක්‍රි.ව. 1800ත් 1810ත් අතර කාලයේ දී ඉදි වු බව සැලකේ. එය ඇහැලේපොල නිලමේතුමාට අයත්ව තිබුනකි. මෙරට ඉතිහාසයේ අනුවේදනීයම චරිත ලෙස සැලකෙන ඇහැලේපොල කුමාරිහාමි මෙන්ම වීරමද්දුම බණ්ඩාර කුමරුද වාසය කළේ මෙම වලව්වේයි. ඉංග්‍රීසින් විසින් වර්ෂ 1818 දී කන්ද උඩරට අත්පත් කර ගැනීමෙන් අනතුරුව ඇහැලේපොල වලව්ව සිරගෙදරක් ලෙස භාවිතා කර තිබේ.

 නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ ඇහැලේපොල වලව්ව ශ්‍රී දළදා මාලිගාවට පැවරීමට අදාළ සන්නස් පත්‍රය සකස් කරමින් තිබෙන බවයි. එය කඩිනමින් සකස් කරන ලෙස අමාත්‍යවරයා අමාත්‍යාංශ නිලධාරින්ට උපදෙස් දී තිබේ. මෙම වලව්ව දළදා මාලිගාවට පවරා දීමට කැබිනට් අනුමැතිය ලැබුණ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

 



අදහස් (0)

ඇහැලේපොඵ වලව්ව ඉටි රූප කෞතුකාගාරක් වෙයි

ඔබේ අදහස් එවන්න

දියත

පලස්තීනයට සාමාජිකත්වය දෙන්න රටවල් 134ක කැමැත්ත
2024 මැයි මස 11 432 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ කාලීන සාමාජිකයකු වීමට අවශ්‍ය සුදුසුකම් පලස්තීනයට තිබෙන බව හඳුනාගන්නා ලෙස සහ පලස්තීනයට පූර්ණ කාලීන සාමාජිකත්වය ලබාද


බුද්ධ දේශනාව සහ කෘත්‍රීම බුද්ධිය ගැන පර්යේෂණයක්
2024 මැයි මස 11 256 0

බුද්ධ දේශනාව සහ කෘත්‍රීම බුද්ධිය අතර තිබෙන සම්බන්ධතාව පිළිබඳ පර්යේෂණ කටයුතු වෙනුවෙන් ලබන වසරේදී රුපියල් බිලියනක් වෙන් කරන බව ජනාධිපති රනිල් වික්‍රම


අක්මීමන ඝාතකයන් දෙදෙනා රත්මලානෙන් අල්ලයි
2024 මැයි මස 11 346 0

අක්මීමන ප්‍රදේශයේ පුද්ගලයකු ඝාතනය කොට රත්මලාන ප්‍රදේශයට පැමිණ එහි ලැගුම් හලක සැගව සිටි පුද්ගලයන් දෙදෙනකු අද අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අප


බිහිසුණු අනතුරකින් සාපෙළ සිසුවියකට බරපතලයි
2024 මැයි මස 11 1335 0

ඉතා අපරිකාෂාකාරි ලෙස යකඩ බට තොගයක් ලොරියකින් ප්‍රවාහනය කරද්දී එහි යකඩ බට කීපපයක් ධාවනය වෙමින් තිබූ බසයක් ඇතුළුට කඩා ගෙන යාම නිසා මෙවර අපෙස සාමාන්‍ය පෙ


පාසල් සිසුවියක් දරුවකු බිහි කර රෝහලේ දමා ගිහින්
2024 මැයි මස 11 1276 0

යාපනයේ පාසල් සිසුවියක දරුවකු ප්‍රසූත කර රෝහලේ දමා පලා ගොස් ඇතැයි යාපන රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.


ලංගමට බසයක් පෙරලී 9ක් රෝහලට
2024 මැයි මස 11 664 0

හගුරන්කෙත සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංගමට අයත් බස් රථයක් මයිලපිටිය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අද (11) දහවල් පෙරලීමෙන් තුවාල ලැබූ නව දෙනෙකු ප්‍රත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 608 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2108 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1834 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site