IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ඇහැලියගොඩ සිසුවිය ඝාතනයේ සැකකරු වසර 13 පසු දැලේ

(ඉන්දිකා රාමනායක)

2009  වසරේ  දී ඇහැලියගොඩ  කොස්ගහමූකලාන  ප්‍රදේශයේ 15 හැවිරිදි පාසල් සිසුවියකට අතරවර කර කැත්තකින් පහර දී ඝාතනය කර වසර 13ක් පුරා සැඟව සිටි ප්‍රධාන සැකකරු ඇහැලියගොඩ පලීගල ප්‍රදේශයේ දී  නිවසක සැඟව සිටියදී ඊයේ (28) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව  ඇහැලියගොඩ පොලිසිය පවසයි.

ඝාතන සිද්ධියෙන් වසර 10 ට පසු සැකකරු  සම්බන්ධයෙන් ලබාගත්  ඩී.එන්.ඒ  වාර්තා ගැලපීමත් සමගම  සැකකරු ප්‍රදේශයෙන් පලගොස්  සිටියදී මෙලෙස අත්අඩංගුවට පත් වු බව  කියයි. සැකකරු (39) හැවිරිදි දෙදෙරු පියෙකි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එවකට 15 හැවිරිදි වියේ පසු වු පියුමිකා මාධවී  ජයසිංහ නැමැති   සිසුවිය බවද පොලිසිය කියයි.

ඇහැලියගොඩ එල්ලාවල විද්‍යාලයේ    අධ්‍යාපනය ලබමින් සිටි මෙම සිසුවිය  2009.9.28  දින  පාසල නිමවී නිවස බලා  යමින් සිටියදී  පා ස්ථානයක සැකකරු මෙම  සිසුවියට   අතරවර කර කැත්තකින් හිසට පහර දී ඝාතනය කර කන්දක් පාමුළට  සිරුර විසිකර  තිබියදී එවකට ඇහැලියගොඩ    පොලිසිය විසින් මළ සිරුර ගොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු  අවිස්සාවේල්ල මහධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.



අදහස් (0)

ඇහැලියගොඩ සිසුවිය ඝාතනයේ සැකකරු වසර 13 පසු දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 610 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 755 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 318 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site