(සමන් පාලිත නානායක්කාර සහ ප්‍රසාද් රුක්මල් )
නායයාමේ අවදානම් තත්ත්වයන් හේතුවෙන් තාවකාලිකව වසා දැමූ ඇල්ල වැල්ලවාය මාර්ගය අද (17) උදෑසන සිට යළි විවෘත කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ එම්.එල් උදය කුමාර මහතා පැවසීය.
කෙසේ වෙතත් ඇල්ල කරඳගොල්ල මලිතගොල්ල ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වී ඇති බැවින් එම ස්ථානය දෙපස පොලිස් මාර්ග බාධක යොදා ඇති බවත් පොලිස් නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ පමණක් එම ස්ථානය පසු කිරීමට රියදුරන්ට අවස්ථාව ලැබෙන බවත් ඒ මහතා පැවසීය.
පැවති ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇල්ලවැල්ලවාය මාර්ගයේ 10/ 11 කිලෝමීටර් කණු අතර සහ තවත් තැනින් තැනට පස් කඳු සහ ගල් පර්වත පෙරලීම ,කඳු මුදුනේ සිට විශාල දිය දහරාවන් ගලා ඒම නිසා එම මාර්ගය භාවිතා කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිවූ බැවින් මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන් වසා දැමීමට පියවර ගෙන තිබුණි.
කෙසේ වෙතත් කාලගුණ දත්ත විශ්ලේෂණය කර ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ලබා දෙන නිර්දේශයන්ට අනුව විටින් විට මෙම මාර්ගය භාවිතා කළ හැකිද නැද්ද යන්න පිළිබඳව විශේෂ දැනුම්දීම් මාධ්‍ය ඔස්සේ කිරීමට සිදුවන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇල්ල වැල්ලවාය මාර්ගය යළි විවෘත කරයි