IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඇල්ල - වැල්ලවාය පාරේ අනතුරුදායක ගස් ඉවත්කරයි

(ප්‍රසාද් රුක්මල්) 

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ අනතුරුදායක ලෙස මාර්ගයට කඩා වැටීමේ අවදානම් තත්වයේ   පිහිටා ඇති අනතුරුදායක ගස් අද (20) කපා ඉවත් කිරීමට කටයුතු සිදු කළ බව ඇල්ල ප්‍රාදේශීය ලේකම් ඉංදික ගයාන් පතිරණ මහතා පවසයි .

පසුගිය දිනවල පැවති අධික වර්ෂාවත් සමඟ රාවණාඇල්ල වන රක්ෂිතයේ පිහිටි  විශාල ගස්කොළන් ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයට කඩා වැටීම් කීපයක් සිදු වූ බවත්, ඉදිරි දිනවල බදුල්ල දිස්ත්‍රික්කයට පතිත වන තද වැසි සමග  රාවණාඇල්ල වන රක්ෂිතයේ පිහිටි අනතුරුදායක විශාල ගස්කොළන් මෙසේ ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයට කඩා වැටී විශාල අනතුරක් සිදු වීමට ඉඩකඩ ඇති නිසාවෙන් මෙලෙස මාර්ගයට අනතුරුදායක තත්වයේ ඇති ගස්කොළන් කපා ඉවත් කිරිමට පියවර ගත් බවද හෙතෙම කීය.

ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,ඇල්ල පොලිසිය, ප්‍රාදේශීය සභාව, වනජීවි කාර්යාලය, මාර්ග සංවර්ධන අධීකාරිය, දැව සංස්ථාව, ටෙලිකොම් යන ආයතන එක්වී මෙම කටයුතු සිදු කරන බවද ඇල්ල ප්‍රාදේශීය ලේකම් ඉංදික ගයාන් පතිරණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (1)

ඇල්ල - වැල්ලවාය පාරේ අනතුරුදායක ගස් ඉවත්කරයි

Bunny Preena Friday, 20 December 2024 02:58 PM

මේ උනන්දුව ලංකාවේ තියන සිඟිති පාසල් අවට ඇති අනතුරු දායක ගස් කපලා දාන්න හොඳයි කියලයි මට හිතෙන්නේ.

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site