
(ප්‍රසාද් රුක්මල් )
ඇල්ල ඓතිහාසික අහස්නවය ආරුක්කු පාලම අසල රක්ෂිතයේ හටගෙන අති ගින්න මේ වනවිට අක්කර සියයක් පමණ ප්‍රදේශයක් විනාශ වී ඇතැයි වාර්තා වේ.
ගින්න නිවා දැමීමට ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් අද (23) පස්වරුවේ යොදා ගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා පවසයි.
මෙම රක්ෂිතයේ ගින්න ඊයේ (22) රාත්‍රි හටගත් අතර , පවතින වියලි දේශගුණික තත්ත්වයත් සමඟ සුලං හේතුවෙන් ගින්න සීග්‍රයෙන් රක්ෂිතය පුරා පැතිර යමින් පවතින බවද හෙතෙම කීය .
මෙම ගින්න නිවාදැමීමට යුදහමුදා නිලධාරීන් , පොලිස් නිලධාරීන් ,ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිළධාරින් ,බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ,ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ,වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් කොල අතු යොදා ගනිමින් කටයුතු කලද අද (23) සවස් වනතෙක් ගින්න නිවාදැමීමට අපහසු වූ හෙයින් දියතලාව ගුවන් හමුදා කදවුරේ ගුවන් හමුදා නිලධාරීන් තිහක පමණ කංඩායමක් හෙලිකොප්ටර් යානයක් ද යොදා ගනිමින් අද (13) පස්වරුවේ ගින්න නිවා දැමීමේ කටයුතු සදහා සහය විය .
දෙමෝදර ජල සම්පාදන මණ්ඩලයේ ජලාශයෙන් ජලය රැගත් ගුවන් හමුදා හෙලිකොප්ටර් යානය ගින්න පැතිර යමින් පවතින රක්ෂිතයේ ඉහලින් ගොස් ගින්නට ජලය ඉසුවද ගින්න නිවා දැමීමට අපහසු වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා පැවසීය .

2025 දෙසැම්බර් මස 18
468
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇල්ලේ ගින්න නිවන්න හෙළිකොප්ටරුත්
Sam Sunday, 23 July 2023 10:04 PM
මෙතරම් විශාල ගින්නක් වතුර බාල්දිවලින් විසුරුවා හැරිය හැකිද? උත්සාහය නිෂ්ඵල සහ නිෂ්ඵල වන අතර කිසිසේත් ඵලදායී නොවේ.
de silva Monday, 24 July 2023 01:11 AM
එක යානයක් පමණක් යොදලා කොහොමද මේ ගින්න නිවන්නේ ?තිබෙන හෙලිකොප්ටර් සියල්ලම එකවර යොදලා මේ ගින්න නිවන්න ඕනේ