(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකාවේ "අන්‍යෝන්‍ය බදු" ක්‍රමය යටතේ ඉන්දියාවට පනවන තීරු බද්ද සියයට 20 ට වඩා අඩු වනු ඇති බවත් ඒ හේතුවෙන් ඇමෙරිකානු වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාව, ලාඕසය වැනි රටවල් සමග තරඟකිරීමේදී ඉන්දියාවට වාසිදායක තත්වයක් ලැබෙනු ඇති බවත් ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළේය.
ඉන්දියාවට අනෙක් බොහෝ රටවලට මෙන් පනවන තීරු බද්ද සම්බන්ධයෙන් ලිපියක් නොලැබෙනු ඇති බවත් ඇමෙරිකාව නිල නිවේදනයක් මගින් ඉන්දියාවට පනවනු ලබන තීරු බද්ද ප්‍රකාශයට පත්කරන බවත් ඉන්දීය මාධ්‍ය පැවැසුවේය.
ඇමෙරිකාව සහ ඉන්දියාව එළැඹෙන අනතර් කාලීන වෙළෙඳ ගිවිසුමක් මගින් තීරු බද්ද පැනවෙනු ඇති බවත් එය සාකච්ඡා ඉදිරියට ගෙන යාම සඳහා සහාය වනු ඇති බවත් ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කළේය.
දෙරට අතර එකඟ නොවූ ගැටළු සම්බන්ධයෙන් විසඳුම් ලබා ගැනීමට එමගින් අවස්ථාව ලැබෙනු ඇති බවත් අනතුරුව මෙම වසර අවසානයේදී ඉන්දියව සහ ඇමෙරිකාව පුළුල් වෙළෙඳ ගිවිසුමක් සඳහා අත්සන් තබනු ඇති බවත් ඉන්දීය මාධ්‍ය පැවැසුවේය.
ඒ සඳහා දෙරට අතර ඇතිකරගෙන තිබෙන එකඟතාවට අනුව ඉන්දියාවට සියයට 20 ට අඩු තීරුබදු ප්‍රතිශතයක් ඇමෙරිකාව පනවනු ඇති බව ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කළේය.
IFrame
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ඇමෙරිකා බද්දෙන් ලංකාවට අවාසියක්
යෝගා Sunday, 13 July 2025 10:34 PM
ඇයි, අපේ සෙට් එක සාකච්ඡා කරලා මාර වාසියක් ලබාගත්තා කියලා කයිය ගැහුවා නේද? මේ විදියට කොච්චර කාලයක් ජනතාව අන්දන්නද? කොන්ද පණ තියෙන නායකයෙක් නම් ඇමෙරිකාවට යන්න ඕනෑ තමනුයි.
මහසෙන් Monday, 14 July 2025 12:34 AM
මෝදී අංකල්ගේ කරට අත දාලා සපෝට් එකක් ගන්න බැරිවෙයි ද දන් නෑ.
රුවන් Monday, 14 July 2025 07:33 AM
ඉන්දියාව එහෙම කිව්වට ඇමරිකාවේ පුවත්පත් වල යන්නේ 27-30% අතර ප්‍රමාණයක් බදු ගහනවා කියලා. 30%ට වැඩි වුනොත් අපිට වාසියක් තියෙනවා.
හාරාමනිස් Monday, 14 July 2025 12:55 PM
ඇමෙරිකාව දන්නේ නැහැ... අපේ අනුර ජනාධිපති කිව්වොත් කළා...