IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


ඇමැති බංගලා ඉල්ලන ලැයිස්තුව ජනපතිට

(සුජිත් හේවාජුලිගේ)

ඇමැති බංගලා ඉල්ලූ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සහ පුද්ගලයන් පිළිබඳ  වාර්තාව  රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට බාර දෙනු ලැබ ඇත.

ඇමැති බංගලා ඉල්ලා ඇති ආයතන සහ පුද්ගලයන් සංඛ්‍යාව හැත්තෑවකට  ආසන්න  බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ඉල්ලීම් සලකා බැලීමෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලය  විසින්  ඇමැති බංගලා සම්බන්ධයෙන් ඉදිරි සතියේදී යම් තීරණයක් ගනු ලැබීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් අප රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය  චන්දන අභයරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඇමති බංගලා බොහොමයක්
ප්‍රතිසංස්කරණය  කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි.

කාලයක් තිස්සේ වසා දැමීම හේතුවෙන් ජරාවාස වීම සැලකිල්ලට ගෙන  ප්‍රතිසංස්කරණ කටයුතු මෙසේ ආරම්භ කළ බවද ඔහු සඳහන් කළේය.

කොළඹ නගරයේ  ඇති ඇමැති බංගලා සංඛ්‍යාව තිස්පහකි.

ඇමැති  බංගලා කිසිවක් ජාතික ජන බලවේග රජයේ ඇමතිවරුන් භාර නොගැනීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත.

එක ඇමති බංගලාවක් පමණක් දැනට අල්ලස් හෝ  දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලබාදි ඇත



අදහස් (0)

ඇමැති බංගලා ඉල්ලන ලැයිස්තුව ජනපතිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 47 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2174 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 676 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site