(සුජිත් හේවාජුලිගේ )
ආණ්ඩුව අපහසුතාවයට පත් කරවීමට අකමැතිවූ නිසා තමා රාජ්‍ය ඇමැති ධූරයෙන් ස්වකැමැත්තෙන් ඉවත්වූ බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ලංකාදීපයට පැවැසීය.
බන්ධනාගාරය තමාට බාරදෙන විට එය තිබුණේ ලොකු ගිනි ගොඩක බවත් එම ගිනි ගොඩ කෙටි කලකදී නිවා දමා බන්ධනාගාරය යම් ස්ථාවර තැනකට ගෙන ඒමට තමාට හැකිවූ බවත් හෙතෙම සඳහන් කළේය.
එහෙයින් තමා මෙම රාජ්‍ය ඇමැතිධුරයෙන් ස්වකැමැත්තෙන් සමු ගන්නේ ඉතාම සතුටින් බවද රත්වත්තේ මහතා සඳහන් කළේය.
තමා සම්බන්ධයෙන් පළවූ ඇතැම් මාධ්‍ය වාර්තා නිසා ආණ්ඩුව අපහසුතාවයට පත්වේයැයි සිතු හෙයින් තමා එම රාජ්‍ය ඇමැති ධූරයෙන් ස්වකැමැත්තෙන් ඉවත් වුවත් මැණික් හා මැණික් ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති ධුරයේ දිගටම කටයුතු කරන බවද ඔහු පැවසුවේය.
තමා ගැන විශ්වාසය පළ කර බන්ධනාගාර අමාත්‍යාංශය තමාට බාරදීම ගැන ජනාධිපතිවරයාට හදවතින් ස්තුතිය පුද කරන බව ලොහාන් රත්වත්තේ මහතා පැවසීය.
එසේම තමා එම ඇමැති ධුරය දැරූ කාලයේදී තමාට සහයෝගය දැක්වූ සියලු නිලධාරීන්ට සහ අනිකුත් සියලු දෙනාටද ස්තූතිය පුද කරන බව හෙතෙම වැඩිදුරටත් කීවේය.
COMMENTS
හිරගෙදර ගින්න මිනිහා අවුලෝගෙන
විෂය භාර ඇමති බීමතින් , ගිනි අවියක් ගෙන බේබදු සහචරයන් එක්ක හිර ගෙදරක් ඇතුලේ පිස්සු නැටුවට දඬුවමක් නැද්ද මේ රටේ එතකොට ?
සාමාන්‍ය මිනිහෙක් ඕක කලානම් ඇපත් නෑ.
හිර ගෙදර මොනවද වුනේ කියලා කවුරුත් දන්නවා ඒ කාළේ.
අපි නම් දන්නේ ලොක්කාගේ අණට අස්වෙන්න සිද්ද වුණා කියලා. සමහරවිට මෙයිට වඩා උසස් තානාන්තරයක් ලැබෙයි. දුමින්දට වගේ සුදුසුකම් එහෙමත් තියෙන හින්දා.
මේත් අර ඡන්දෙදී රට පාලනය කරනවා කියපු වියත්මගේ කෙනෙක් වෙන්නැති. මේ වගේ ඇමතිලා ඉන්නේ මේ මුතු ඇටයේ විතරයි වගේ. 69 ලක්ෂයට ආඩම්බර වෙන්න වැඩේ. එක එක රටවල් අපිව විදුලි පුටුවට යවනවා කියලා කෑගැහුවාට මෙන්න ඒ අයට සාක්ෂි නොමිලේ දෙන්න ඇවිත් ඉන්න අය...
බන්ධනාගාර ඇමැතිකමෙන් පමණයි ඔබ ඉල්ලා අස්වූයේ. එය ප්‍රමාණවත් නොවේ. පාර්ලිමේන්තුවේ ඉන්නවා නම් මන්ත්‍රී කෙනෙක් පමණක් වන්න. ...මෙතනදී පොදුජන පෙරමුණේ මහලේකම් වරයා මොහුව පක්ෂයෙන් නෙරපීම කල යුතුව ඇත.
කොහෙන්ද අප්පා මේවට හිනාවෙන්නේ?
කළ වැරැද්දට අස්වෙලා විතරක්ම හරි යන්නේ නැහැ. ඊට වඩා දඬුවම් දිය යුතුයි. මානව හිමිකම් සංවිධානය මේ දිනවල අධික්‍රියාකාරීව ඉන්නවා ලංකාවට විරුද්ධව... ඒ අස්සේ මේ මිනිහා මේ කරන්නේ අමන වැඩ. මෙයා ආණ්ඩු විරෝධීද?
මැණික් පතල් පෙන්නන්නත් යාලුවෝ ටිකක් ගියානම් ඒ අමාත්‍යංශයෙනුත් අයින් වෙන්න තිබුනා .කරුමේ කියන්නේ අපේ නියෝජිතයෝ පාර්ලිමේන්තුවට යවන්න අවස්ථාවක් අපට නැහැනේ .උන් දෙන එවුන්ටනේ කතිරේ ගහන්න වෙලා තියෙන්නේ
මෙහෙව් කාඩයින් පාර්මේන්තුවෙන්ම පන්නා දැමිය යුකුයි.
මොහුට නීතිය ක්‍රියාත්මක නැද්ද ?
පගර නැට්ටෙක් ගිය උඩක්.. අවුරුදු පහකට ඇව්ල්ල ... නෝන්ඩ්ම වෙලා යනව ....
නාටකයේ අවසානය නොබලා දැන්ම එක එක කතා කරල වැඩක් නැතිවෙයි, නෝනෙකුට ගිණි බටේ පෙන්වන එකවත් ඔලුවට දාන එක පෙන්වන එකවත් එයාගෙ පෞද්ගලිකත්වය, අර බීපුවා ගත්තෙ කොහෙන්ද කියලයි මට ප්‍රශ්නේ?
හොඳ කුඩුවක් හම්බවුනාද ?
මූ හිරේ ඉන්න ඕනේ කෙනෙක් .උඩතලවින්න සමූල ඝාතනය සහ ජොඑල් පෙරේරා රටේ රගර් ක්‍රීඩකයා ව කොල්ලුපිටියේදී සමාජ ශාලාවකදී මරපු චෝදනා වලින් මුගේ තාත්තා නිසා පස්ස දොරෙන් එලියට ආවා .මුන් මිනී මරුවෝ
අනේ මෙහෙමත් ගොන් මෝඩයෝ .කාලකන්නි
කාලකන්නි වැඩ කරලා තව ප්‍රකාශත් නිකුත් කරනවා .උඩතලවින්නේ මීනීමැරුමට කව්ද සම්බන්ධ උනේ ?හිරේ ඉන්න ඕනි එවුන් පාර්ලිමේන්තුවේ සහ ඇමති මණ්ඩලයේ ඉද්දි මෙහෙම වෙනවා .උන්ට තනතුරු දෙන මිනිස්සු මේවා අනුමත කරන නිසානේ මේවා වෙන්නේ .මිනීමරුවෝ නිදහස් කරද්දී කොහෙද විනයක් තියෙන්නේ
ඇයි අනේ ඉල්ලා අස් වුනේ. රජය අපහසුතාවයට පත්වන්නේ ඇයි ? පොලිස් මාධ්‍ය ප්‍රකාශකට අනුව ඔයා ගැන කිසිම පැමිනිල්ලක් වත් නැහැනේ. ඔයාගේ නම හෝ තනතුර ගැන මාධ්‍යයේ සඳහන් වුනෙත් නැහැ
මෙන්න මූ බන්ධනාගාරේ හැදුවලු . බේබද්දා උඹ බන්ධනාගාරේ විතරක් නෙමේ ලනක්වේම නම කාපු මදා වියා . උඹේ වයසට ලැජ්ජාවක් නැද්ද , මූ කොහොමත් මිනී මරලා බොරුවෙන් බේරුන එකානේ . නූගත් මෝඩ මිනිහෙකුට ලොකු තනතුරක් දරන්න බැහැ . එකයි උඹට උනේ . ජනතාවනේ මුන් වගේ මී හරකුන්ට චන්දෙ දීල පාර්ලිමේන්තු එවන්න එපා .මූව වහාම මසට ගන්න ගව මඩුවකට යවන්න . මූ ඔප්පු කළා පාතාලයා කියලා
මේ කැලල නැවත මකන්න බැහැ.තවත් හුරතල් නොකර නිසි දඩුවම් දුන්නොත් ට්කක් බේරෙන්න පුලුවන්.අනේ පුදුමයි,රත්වත්තෙලා වැටිච්ච තැන.
හා ..... හා ......... හ .............. ඔබ දැනටමත් හානිය සිදු කර අවසන්.