IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ඇමෙරිකා බද්දෙන් රබර් නිෂ්පාදන අපනයනයට ලොකු පහරක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකාව "අන්‍යෝන්‍ය බදු" ක්‍රමය යටතේ මෙරටට පනවා ඇති සියයට 30ක තීරු බද්දෙන් රබර් අපනයන ක්ෂේත්‍රයට විශාල තර්ජනයක් එල්ල වන බවත් විශේෂයෙන් ටයර්, අත් වැසුම් සහ කර්මාන්ත සඳහා අවශ්‍ය රබර් නිෂ්පාදනවලට ඉන් වැඩිම තර්ජනයක් එල්ල වන බවත් කොළඹ රබර් වෙළඳුන්ගේ සංගමයේ සභාපති හරින් ද සිල්වා මහතා  ප්‍රකාශ කළේය.

යෝජිත සියයට 44 ක තීරු බද්ද සියයට 30 දක්වා අඩුකර ගැනීමට හැකි වීමෙන් ශ්‍රී ලංකාව ඇමෙරිකානු වෙළෙඳපොළ තුළ හිමිකරගෙන ඇති ස්ථානය සම්පූර්ණයෙන්ම අහිමි වීම වැළකුණද, සියයට 30 ක තීරු බද්ද අපනයනකරුවන්ට තරඟකාරිත්වය පවත්වා ගෙන යා හැකි තිරසාර විසඳුමක් නොවන බව සභාපතිවරයා පැවැසුවේය.

පසුගිය වසරේ රබර් අපනයන ආදායම වූ ඇමෙරිකානු ඩොලර් බිලියනයෙන් තුනෙන් එකක් උපයා ඇත්තේ ඇමෙරිකානු වෙළෙඳපොළෙන් වන බවත් ඇමෙරිකාව මෙරට රබර් කර්මාන්තයට ඉතා වැදගත් අපනයන වෙළෙඳපොළක් බවත් සිල්වා මහතා ප්‍රකාශ කළේය.

සියයට 30ක තීරු බද්ද සුළු පරිමාණ නිෂ්පාදකයින් සහ කුඩා රබර් වගාකරුවන් දහස් ගණනකට ක්ෂණිකව බලපෑම් එල්ල කරනු ඇතැයි ඔහු පැවැසුවේය.

 



අදහස් (2)

ඇමෙරිකා බද්දෙන් රබර් නිෂ්පාදන අපනයනයට ලොකු පහරක්

Bunny Preena Thursday, 17 July 2025 10:52 AM

ඇමරිකාවම මත්තෙම නැහැන්නේ නැතුව තවත් රටවල් සමග වෙළදාම් කරන්න උත්සාහ කළොත් හොඳයි. ඇමරිකාවට විතරද භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව තියෙන්නේ? වෙළඳ අමාත්‍යාංශයේ වැගකිව යුතු නිලධාරීන් නින්දෙන් අවදි වෙලා කටයුතු කළොත් හොඳයි. උම්බෑ උම්බෑ කිය කියා ඉන්නේ නැතුව.

:       0       0

රුවන් Thursday, 17 July 2025 11:13 AM

එක්කෝ ට්‍රම්ප් එක්ක ඩීල් ගහන්න වෙනවා ඒ අයගේ ටයර් සමාගම් ලංකාවට ඇවිල්ලා ආයෝජන කරන්න කියලා. මොකද වියට්නාමය, ඉන්දුනීසියාවේ වගේ අපිට ආනයනය සඳහා 0% බදු අඩු කරොත් විපක්ෂය විතරක් නොවෙයි... ව්‍යාපාරික ප්‍රජාවත් උද්ගෝෂණය කරනවා. අපිට 30% 10-20%ට අඩු කරන්න පුළුවන් එකම ක්‍රමය ත්‍රිකුණාමලය ඇමරිකාවට දෙන එක විතරයි. එකට ඉතිං කව්ද කැමැති...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 449 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site