IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඇමරිකා නැවකට ’’වැටෙන් එහා’’ සිට කන්න දෙයි

(අංජුල මහික වීරරත්න)

ඇමරිකා විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් රැගත් පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසර නොදීමට රජය තීරණය කර තිබේ.

කිසිදු පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසර නොදීමට රජය ගෙන ඇති ප්‍රතිපත්ති තීරණයකට අනුව  ඉහත පියවර ගෙන ඇත.

ඇමරිකා පර්යේෂණ නෞකාව මෙරටට ඇතුළු වීමට අවසර ඉල්ලා ඇත්තේ මුහුදු සීමාව භාවිත කිරීමට නොව ඉන්ධන ,ජලය පිරිසිදු කිරීම්, ආහාරපාන ආදී පහසුකම් ලබා ගැනීමට බැවින් ජාත්‍යන්තර මුහුදු සීමාවට ගොස් නෞකාව සඳහා අදාළ පහසුකම් ලබාදීමට රජය තීරණයකට එළඹ ඇත.

අදාල ඇමරිකා නෞකාව චෙන්නායි වරායට ඇතුළු වීමට  අවසර ඉල්ලා ඇති අතර ඔවුන්ද එම අවසරය දී නැතැයි දැනගන්නට තිබේ.

මීට පෙරදීත් චීන පර්යේෂණ නෞකාවක් මෙරටට ඇතුළු වීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව රජය පවසයි.



අදහස් (7)

ඇමරිකා නැවකට ’’වැටෙන් එහා’’ සිට කන්න දෙයි

Kasun Saturday, 27 April 2024 02:36 PM

උදේ, හවස හැමෝම තිරිකුණාමලයට එනවා අපිව පුරුදු කරන්න. නැතිව එයාලා පුරුදු වෙන්න නොවේ..

:       8       23

ravin Saturday, 27 April 2024 03:30 PM

හැමෝටම පුදුම කැක්කුමක් හැදිලා වගේ... ලංකාව අවට මුහුදේ පර්යේෂණ කරන්න.

:       13       16

SAM Saturday, 27 April 2024 07:17 PM

ඇමරිකා පර්යේෂණ නෞකාව මෙරටට ඇතුළු වීමට අවසර ඉල්ලා ඇත්තේ ඉන්ධන, ජලය පිරිසිදු කිරීම්, ආහාරපාන ආදී පහසුකම් ලබා ගැනීමට බැවින් එම නෞකාව අපවෙත පැමිණ ඔවුන්ගේ ගමන සඳහා අවශ්‍ය කරන්නා වූ අවශ්‍ය කටයුතු සපුරාගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදීමේ වරදක් නොමැත. ඇමරිකා විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් රැගත් පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු තීරයට පැමිණීමෙන් පසු ලංකාවේ සිසුන්ටද එය නැරඹීමට සහ සිදුකරන්නාවූ කටයුතු පිළිබඳව අද්දැකීම් ලබාගැනීමට අවස්ථාවක් ඇත.

:       36       28

Perera Sunday, 28 April 2024 12:59 AM

ඇමරිකාව කිඹුහුමක් ඇරියොත් ලංකාවට නිව්මෝනියාව හැදිලයි නවතින්නේ

:       0       14

RanaSunday, 28 April 2024 08:40 PM

මගේ අම්මෝ..ඇමෙරිකාවට පොඩි දෙයක් වුණොත් කොහොම වෙයිද එහෙනම්?

:       0       0

ලුම්බිණි Sunday, 28 April 2024 08:29 AM

චීන නැවට නම් ඉඩ ලැබුණා...

:       9       2

kasun Sunday, 28 April 2024 12:46 PM

ආණ්ඩුව සහ බලු රාජපක්ෂවරුන් මුදල් දීලා වල් වහල් බයියන් පිරිසක් සුදානම් කරලා තියන බව රාජපක්ෂ වරුන්ට සමීප ඔත්තුකරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත . මෙයින් ඔවුන් කරන්නේ රජයට සහා රාජපක්ෂ කල්ලියට විරුද්ද කොමෙන්ට් සහ පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහ රාජපක්ෂ කල්ලියට සහායෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීම. තවද , FACEBOOK, INSTRA , YOUTUBE වැනි සමාජ මාධ්‍ය PAGE සහ GROUP භාවිතා කරමින්ද මෙම ප්‍රචාරය සිදු කරයි . පොදු ජනතාව අවදානයෙන් සිටින මෙන් ඉල්ලා සිටිමු . මෙය පිළිබදව ඔබගේ පවුලේ උදවිය සහා මිතුරන් දැනුවත් කරන්න .

:       10       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site