ඇමෙරිකාවෙන් ‘ලිස්ටීරියා’ බැක්ටීරියා වසංගතයක් වාර්තා වේ. මේ වනවිට ඇමෙරිකාවේ ජනපද 6 කින් ආසාදිතයන් 13 දෙනකු වාර්තා වී ඇති බවත් එක් අයකු මියගිය බවත් සෞඛ්‍ය බලධාරීහු පවසති.
ආසාදිතයන් වාර්තා වෙන්නේ, මේරිලන්ඩ්, කැලිෆෝනියා, ඉලිනෝයි, නිව් ජර්සි, මැසචුසෙට්ස් සහ නිව්යෝක් ජනපදවල ප්‍රධාන නගරවලිනි.
මරණය වාර්තා වන්නේ මේරිලන්ඩ් ජනපදයෙනි. මේරිලන්ඩ් ප්‍රාන්තවේ ‘ලිස්ටීරියා’ ආසාදිත ගැබිනි කාන්තාවකට සිය දරුවා අහිමි වූ බව ද සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
‘ලිස්ටීරියා’ බැක්ටීරියා ව්‍යාප්තිය සිදුවී ඇත්තේ සත්ව ආහාර නිෂ්පාදන අලෙවිසැල් හරහා අලෙවි කරන සිදු කරන චීස් සහ මස් වර්ග හරහා යැයි ඇමෙරිකා වසංගත රෝග පාලන ඒකකට මේ වනවිට අනාවරණය කරගෙන තිබේ.
‘ලිස්ටීරියා’ බැක්ටීරියාව ආසාදනය වීමෙන් ඇතිවන රෝගී තත්ත්වය හැඳින්වෙන්නේ ‘ලිස්ටීරියෝසිස්’ යනුවෙනි. ‘ලිස්ටීරියෝසිස්’ රෝගි තත්ත්වයට හේතුව අපිරිසුදු ආහාර අනුභවය යැයි වෛද්‍යවරු පැහැදිලි කරති.
ඇමෙරිකානුවන් බහුලව මස් වර්ග ආහාරයට ගනී. සාමාන්‍යයෙන් වාර්ෂිකව ‘ලිස්ටීරියෝසිස්’ රෝගීන් 1,600 දෙනකු පමණ වාර්තා වන අතර, සෑම වසරකම රෝගීන් 260 දෙනකු පමණ මිය යන බව ඇමෙරිකා වසංගත රෝග පාලන ඒකක පවසා ඇත.
එසේ වුවත් මේ වනවිට ඇමෙරිකන් ජනපද හරහා ‘ලිස්ටීරියෝසිස්’ රෝගීන් හමුවීම අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් ඇමෙරිකා වසංගත රෝග පාලන ඒකක පැහැදිලි කර තිබේ. එය වසංගත තත්ත්වයක් ලෙස ප්‍රකාශ කිරීමට කටයුතු කර ඇත්තේ එහෙයිනි.
‘ලිස්ටීරියා’ බැක්ටීරියාව නිරෝගී පුද්ගලයකුට ආසාදනය වුවහොත්, ප්‍රතිජීවක ඖෂධ ඇතිව හෝ නැතිව එම පුද්ගලයා සුවපත් කළ හැකි නමුත් ප්‍රතිශක්තිය අඩු පුද්ගලයකුට ‘ලිස්ටීරියා’ බැක්ටීරියාව මාරක විය හැකි බව වෛද්‍යවරු පවසති.
ගැබිනි කාන්තාවන් සහ වයෝවෘද්ධ පුද්ගලයන්ට ද ‘ලිස්ටීරියා’ බැක්ටීරියාව මාරක බව පැවැසෙයි. උණ, සිහිවිකල්වීම, තෙහෙට්ටුව, මාංශපේෂී වේදනාව ‘ලිස්ටීරියෝසිස්’ රෝග ලක්ෂය.
(බීබීසී)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඇමෙරිකාවේ මාරක බැක්ටීරියා වසංගතයක්