IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකාව මගේ මානව අයිතිවාසිකම් කඩකරලා

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකා එක්සත් ජනපදය තම මානව අයිතිවාසිකම් කඩකර ඇති බවට ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් වෙත ලිපියක් යොමු කරමින් වයඹ පළාත් ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ මහතා චෝදනා කර ඇත.

තමා සහ තම පවුලේ සාමාජිකයන් ඇමෙරිකා එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කරමින් සම්බාධක පැනවීම තුළින් තමාගේ මානව අයිතිවාසිකම් කඩ වී ඇති බව කරන්නාගොඩ මහතා ඇමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් මහත්මිය වෙත යොමු කළ ලිපියේ දැඩිව සඳහන් කර තිබේ.

ජුලී චන්ග් මහත්මිය විසින් සිදු කරන ලද වැරදි චෝදනා හේතුවෙන් තමා වසර 45කට වැඩි කාලයක් රාජ්‍ය සේවකයෙකු ලෙස ඉපැයූ ගෞරවයට සහ කීර්තියට හානි සිදු වූ බව කරන්නාගොඩ මහතා එම ලිපිය මගින් ජුලී චන්ග් මහත්මියට දැනුම් දී ඇත.ජූලි චන්ග් මහත්මියගේ ක්‍රියා කලාපය හේතුවෙන් ශ්‍රී ලංකා නීතිය යටතේ තමාගේ මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳ නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව කරන්නාගොඩ මහතා එම ලිපිය මගින් ජුලී චන්ග් මහත්මිය දැනුවත් කර තිබේ.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා තමාට එල්ල වී ඇති චෝදනා පිළිබඳවද කිසිඳු දැනුවත් කිරීමක් සිදු නොකළ බවද කරන්නාගොඩ මහතා එම ලිපියේ සඳහන් කර ඇත.  



අදහස් (7)

ඇමෙරිකාව මගේ මානව අයිතිවාසිකම් කඩකරලා

de silva Tuesday, 02 May 2023 10:35 PM

ශ්‍රීලාංකික ජනතාවගෙන් 95% ඇමරිකාවට ගිහින් නැහැ .ඔබට මෙහෙට වෙලා ඉන්න බැරි හේතුව කුමක්ද ?

:       2       3

විජිත් Tuesday, 02 May 2023 11:42 PM

මූ බබා , මොනවත් දන්නේ නැහැ.මානව හිමිකම් ? අහිංසක දරුවන්ට ජීවත්වීමේ අයිතිය නැතිකළ මිනිමරුවෙක් උගේ මානව හිමිකම් ගැන කතාකරනවා.මේකාගේ මොලේ කචල් වෙලාද දන්නේ නැහැ. මිනීමරුවා , අහිංසක ළමයින් 11 දෙනෙක්ව මේකාගේ මිනීමරු ගෝලයොත් එක්ක එකතුවෙලා අල්ලාගෙන , ඒ දරුවන්ව නිදහස් කරන්න දෙමව්පියන්ගෙන් කප්පම් අරගෙන ,අන්තිමට ඒ කාටවත් වරදක් නොකළ ඒ අහින්සකයින්ව මරපු පාපතර මිනීමරුවා.ඇමෙරිකාවකලේ උඹට ඇමෙරිකාවට ඇතුල්වෙන්න තහනම් කරපු එකයි.නමුත් මේ ශ්‍රී ලංකාවේදී " දවසක " උඹට මරණ දණ්ඩනය ලැබෙනවා නියතයි.එය මහපාරේදී නන්නාදුනන තුවක්කු කරු අතින් සිදුවේවිද , නැතිනම් හමුදාව අතින් සිදුවේවිද එහෙමත් නැතිනම් එල්ලුම්ගහ රන් කරන අලුගෝසුවා අතින් වේවිද යන්න කාලය තීරණය කරයි. දේශකාපාලුවන්ට බැල මෙහෙවර කරලා හම්බවුන තරු පටි,නම්බු නාම ,අන්ඩුකාරකම ..ඕවා ඔක්කොම උඹගේ ගෙදර බල්ලාගේ පස්ස පැත්තේ ගැටගහපන්.අපායට යද්දී ඕවා ගෙනියන්න බැහැ ගෙනියන්නේ කරපු පව් පමණයි.මිනීමරු අසික්කිත කාලකන්නියා.මේ උඹගේ අවසාන මනුස්ස ආත්මයයි.

:       2       6

Sunil Wednesday, 03 May 2023 04:04 AM

ඔබ කීදෙනෙකුගේ ජීවත්වන්නට තිබූ හිමිකම් කැඩුවද ?

:       2       4

ලුම්බිණි Wednesday, 03 May 2023 04:46 AM

නිකම් විහිලු කරන් නැතුව ඉන්නවද?

:       1       5

Perera Wednesday, 03 May 2023 07:25 AM

කුම්බලා මාලු කෑවානම් විදවපන් බලලො.

:       2       6

විපරමා Wednesday, 03 May 2023 01:27 PM

ඇමරිකාව කෙරුවේ හොඳ වැඩක්... රට පනින්න හිතාගෙන හිටියේ මෙහෙදි කරපු අපරාධ වැඩවලින් බේරෙන්න වෙන්න ඇති...

:       2       3

Saman Wednesday, 03 May 2023 02:36 PM

රාජපක්ෂලාට ගොට්ට අල්ලපු එකෙක්

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 499 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site