IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


ඇමෙරිකාවේ අරමුදලින් ක්‍රියාත්මක ව්‍යාපෘති දෙකක් නවතයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකාවේ අරමුදල් මත ක්‍රියාත්මක වූ මෙරට ව්‍යාපෘති දෙකක් සඳහා මුදල් යෙදවීම නතර කිරීමට තීරණය කළ බව රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව(ඩොජ්) පසුගියදා ප්‍රකාශ කළේය.

ඩොජ් යනු ෆෙඩරල් අංශය මූල්‍ය අක්‍රමිකතා සෙවීම සඳහා ජනපති ට්‍රම්ප් පිහිටවූ ආයතනය වන අතර එහි ප්‍රධානීත්වය ලොව අංක එකේ ධනවතා වන ඊලෝන් මස්ක් විසින් හොබවනු ලබයි.

අරමුදල් යෙදවීම නාස්තියක් යැයි සැලකූ ගෝලීය ව්‍යාපෘති 199 ක් නවතා දැමීමට ඇමෙරිකාව තීරණය කර තිබෙන බවත් අසියා ශාන්තිකර කලාපයේ යටතේ ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති දෙකක් තිබෙන බවත් ඩොජ් ආයතනය ප්‍රකාශ කළේය. එළෙස නවතා දැමූ මෙරට ව්‍යාපෘති දෙකෙන් එක් ව්‍යපෘතියක් ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීම පිළිබඳව ක්‍රියාත්මක වූ ව්‍යාපෘතියක් බවත් අනෙක සන්නිවේදනය පිළිබඳ වැඩමුළු පැවැත්වීම සඳහා ක්‍රියාත්මක වූ ව්‍යාපෘතියක් බවත් ඩොජ් ආයතනය පැවැසුවේය.

මෙලෙස ඇමෙරිකානු ජනතාවගේ බදු මුදල් යෙදවීම නාස්තියක් ලෙස සැලකෙන ව්‍යාපෘති 199 නතර කිරීමට ඩොලර් මිලියන 250 ඉතිරි වන බවද ඩොජ් ආයතනය ප්‍රකාශ කළේය.

 



අදහස් (6)

ඇමෙරිකාවේ අරමුදලින් ක්‍රියාත්මක ව්‍යාපෘති දෙකක් නවතයි

යෝගා Friday, 14 February 2025 05:38 AM

ඔය ගමන්ම මාලිමාවේ ගෝඩ් මදර්වත් ආපහු ගෙන්නගන්න. එයා කරන්නේ රට විනාශ කරන්න බළලුන් ලවා කොස් ඇට බෑවීම

:       23       19

ලක්වැසියෙක් Friday, 14 February 2025 06:42 AM

ඔය කියන ව්‍යාපෘති අපි ඉල්ලපුව නම් වෙන්න බැහැ, ඒවයින් රටට වැඩක් උනා කියන්නත් බැහැ, හැබැයි අපි පාසල් කාලෙ ඇදිහැස කියල සඳහන් පෙට්ටිවල බිස්කට් දුන්න ඒකත් ඔය ඇමරිකන් අධාර, ඒවගේ ඒව නතර කරන එක දුප්පත් රට වලට හානිකරයි, ලෝකෙ සම්පත් අනුව ධනවත් වෙලා ඉන්න අය දුප්පත් රටවලට අධාර කරන එක යුතුකමක්, යුක්රේන ,මැදපෙරදිග යුද්ධ වලට ඩොලර් පොම්ප කිරීම මුදල් නාස්තියක් වගේ පේන්නෙ නැද්ද ඔය මහත්මයට? මැදපෙරදිග සාමය ඇතිකරන්න නොහැකි වී ඇත්තෙ ඊශ්‍රායලයෙ මුරන්ඩුකම, ඒ ඇමරිකන් මූල්‍ය අධාර නිසා, ඉරානයට සමිභාදක, ඒ හේතුවෙන් අපි වගේ රටවල අපනයට තහනම් ඒව පේන්නෙ නැද්ද?

:       5       24

nanda Friday, 14 February 2025 07:06 AM

ට්‍රම්ප් ජනාධිපතිතුමා බලයට පත්වෙලා පසුවුණු කෙටි දින කීපය තුළ තීරණාත්මක තීරණ සැලකිය යුතු සංඛ්‍යාවකට අත්සන් තැබීමෙන් ඔහුගේ කාර්යක්ෂමතාවය මනාව පෙන්නුම් කරනවා.

:       10       26

රට වැසියා Friday, 14 February 2025 11:04 AM

අපේ රටට කිසියම් මුදලක් අහිමි වීම කණගාටුයි. නමුත් ඇමරිකානු ජනාධිපතිවරයා‍ තම රටට දෙන "නායකත්වයට" ගරු කළ යුතුයි. අපේ රටේත් ඒ වගේ "නායකයෙක්" බිහි වේවා කියා බලාපොරොත්තු වෙමු. අපේ රටේ ආණ්ඩුවට රාජ්‍ය පාලනය කර ගැනීමට නොහැකි වෙමින් ඇත..! අපේ රටටත් මේ ආකාරයේ ඩෝජ් (Department of Government Efficiency) ආයතනයක් අනිවාර්යෙන්ම තිබිය යුතුයි.

:       4       26

වික්‍රම විදුර Friday, 14 February 2025 04:00 PM

යෝගා ඇමරිකාවෙන් කීයක් හරි ණයට අරං හරි ඔබලාව නාවන්න බේරෙ ඇල වගේ කක්කා ඇලක් හදන්න ඕනෑ... බේරේ ඇලේ ගුටි කකා ඔච්චර නාලත් මොවුන්ගේ මොලේ කලඳක් පෑදිලා නෑ යෝගා..

:       0       0

වසඅබේ Saturday, 15 February 2025 01:23 PM

ආධාර වටිනවා, ඒත් ඒවා මුවාවෙන් රටරට වල සංස්කෘති වෙනස් කිරීමට තැත් කිරීම් නුසුදුසුයි. ට්‍රම්ප් එය දැන් කටයුතු කිරීම සතුටුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 242 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
2025 මැයි මස 13 385 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
2025 මැයි මස 13 277 0

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 572 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1236 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 594 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1298 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1545 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site