IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 120ක්

ඇමෙරිකා එක්සත් ජනපද සංවර්ධන මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය ශ්‍රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 120 ක මුල්‍ය සහායක් ලබා දීමට අනුමැතිය ලබා දී ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ඇමෙරිකානු සංවර්ධන මූල්‍ය ආයතනය ඇමෙරිකානු සංවර්ධන බැංකුව ලෙස ද හඳුන්වනු ලබයි.

මෙම අනුමත කරන ලද මූල්‍ය සහායෙන් ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක වන බව ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.පළමු ව්‍යාපෘතිය ලෙස කොමර්ෂල් බැංකුවට ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක ණය මුදලක් ලබා දෙන බව පැවැසෙයි.

එම ණය මුදල ක්ෂුද්‍ර,කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය ආයතන වෙත ණය දීම පුළුල් කිරීමටත් කාන්තාවන් හිමිකාරිත්වය දරණ ව්‍යවසාය ආයතන වල ණය පරතරය අවම කිරීමටත් යොදා ගැනෙනු ඇතැයි පැවැසෙයි.

දෙවැනි ව්‍යාපෘතිය ලෙස බී.පී.පී.එල් හෝල්ඩින්ග්ස් ලිමිටඩ් සමාගමට ඇමෙරිකානු ඩොලර් මිලියන 15 ක ණය මුදලක් ලබා දෙන බව ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.බී.පී.පී.එල් හෝල්ඩින්ග්ස් ලිමිටඩ් සමාගම ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් ද්‍රව්‍ය මගින් පොලියෙස්ටර් නූල් නිෂ්පාදන සමාගමකි.මෙම ණය මුදල සමාගමේ නිෂ්පාදන ධාරිතාව වැඩිකිරීමට මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රතිචක්‍රීකරණ යටිතල පහසුකම් ශක්තිමත් කිරීමට සහාය වනු ඇතැයි ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේය.

තුන්වැනි ව්‍යාපෘතිය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 5 ක ණය මුදලක් 'මාස් ට්‍රොපිකල් ෆුඩ්ස්' පුද්ගලික සමාගම වෙත ලබා දෙන බව එම නිවේදනයේ සඳහන් වේ.එමගින් කාන්තාවන්ට නව රැකියා අවස්ථා ඇති කිරීමටත් සැපයුම් දාමය වැඩි කරගනිමින් ව්‍යාපාරය පුළුල් කිරීමටත් අවස්ථාව ලැබෙන බව එම නිවේදනයේ සඳහන් වේ.

(යොහාන් බාසුර,විමුක්ති එස් රුද්‍රගු) 055

 



අදහස් (4)

ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 120ක්

Bamdara Wednesday, 15 June 2022 09:16 PM

රනිල් මොනවද කරේ කියලා අහයි.. තව කාලෙකින්...!!!

:       0       0

Namal Wednesday, 15 June 2022 10:49 PM

අම්මෝ ලොකු මුදලක්නේ.. ලෝකෙම බලවත් රටක්ලු...

:       0       0

jabos Thursday, 16 June 2022 09:33 AM

කොමර්ෂල් බැංකුවට දෙන සල්ලි නම් රාජපක්ශලගෙ උවමනාවන්ට ඔවුන්ගෙ විදේශ වත්කම් නඩත්තුවට අවශ්‍ය නය මුදල් ලබාගන්නව අත නැවත නොගෙවන නය ලෙස.

:       2       0

අප බංකොලොත් Monday, 20 June 2022 12:52 PM

ඇමරිකාවේ න් ශ්‍රී ලංකාවට ජම්බෝ පීනට් !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 270 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 70 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 244 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site