ඉරානය සමඟ ආර්ථික සබඳතා පවත්වන රටවලට සම්බාධක පනවන බවට ඇමෙරිකාව කළ අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් ඉන්දියාව ප්‍රතිචාර දැක්වීය.
ඉන්දියාව සහ ඉරානය අතරේ යහපත් සබඳතා පවතින අතර, ඉන්දීය රජය පසුගිය දා ඉරානයේ චබහාර් වරායේ කටයුතු පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ඉරානය සමඟ 10 වසරක ගිවිසුමකට අත්සන් කළේය.
මෙය ඇමෙරිකාවේ අප්‍රසාදයට හේතුවක් වූ අතර, ඇමෙරිකාව එම අවස්ථාවේදී නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, කවුරු වුණත් කමක් නැහැ. ඉරානය සමඟ සම්බන්ධකම් පවත්වන රටවලටසම්බාධක පැනැවීමක් සිදු කරන බවත්, එම සම්බාධකවලට මුහුණ දීමට සූදානමින් ඉරානය සමඟ ගනුදෙනු කරන ලෙසත් ය. ඇමෙරිකාව මෙම තර්ජනය කළේ ඉන්දියාවට බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ඇමෙරිකානව සහ ඉන්දියාව අතරේ සමීප මිතුදම් පවතී. ආසියානු කලාපයේ චීනය ඇමෙරිකාවට තර්ජනයක් වී ඇති බැවින්, ඇමෙරිකාවේ සමීපතම මිතුරා වී සිටින්නේ ඉන්දියාවය.
ඇමෙරිකාවේ තර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් පවසා ඇත්තේ එම ඉරාන සමඟ අත්සන් කළ එම ව්‍යාපෘතිය මුළු කලාපයටම ප්‍රතිලාභ ලබා ගෙන දෙන්නක් බවය. එබැවින් එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පටු අදහස් නොදැරිය යුතු බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඇමෙරිකාවට පෙන්වා දී ඇත. ඉරානය, චබහාර් වරායේ ඉදිරි කිරීම් සිදුවූයේ ඉන්දීය රජයේ ද සහාය ඇතිවය.
(එන්.ඩී.ටීවී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඇමෙරිකන් තර්ජනයට ඉන්දියාව පිළිතුරු දෙයි
Yashan Wednesday, 22 May 2024 09:09 AM
ලෝකයක් ඇමරිකාව හැළිය යුතුයි. ලෝකයට කරුමය ගේන ප්‍රමුඛ රට ඇමරිකාවමයි. වඩා යහපත් බහු ධ්‍රැවීය