(අංජුල මහික වීරරත්න)
රජයේ අමාත්‍යවරුන්ගේ, නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලයේ පහසුකම් සම්බන්ධයෙන් සීමා පනවමින් ජනාධිපති ලේකම් ආචාර්ය සනත් කුමානායක මහතා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
එම චක්‍රලේඛය අනුව අමාත්‍යවරු සඳහා සහාය කාර්ය මණ්ඩලය 15 දෙනෙකුගේ උපරිමයකට යටත් වන අතර නියෝජ්‍ය අමාත්‍යවරුන් සඳහා වන කාර්ය මණ්ඩලය 12කට සීමා කර ඇත.
සෑම අමාත්‍යවරයකුටම ස්වේච්ඡා උපදේශකවරයෙක් හෝ කණ්ඩායමක් පත් කර ගැනීමට හැකියාව ඇති අතර එම උපදේශකවරුන් විෂය පථය සම්බන්ධයෙන් ප්‍රාමාණික උගතුන්, පර්යේෂකයන්, වෘත්තියවේදීන්, පුරවැසි සංවිධාන නියෝජිතයින් හෝ මහජන නියෝජිතයන් විය යුතු බව අදාල චක්‍රලේඛයේ දැක්වේ.එම පත් කිරීම් ගැන අමාත්‍ය මණ්ඩලය දැනුවත් කළ යුතු බවද අදාළ චක්‍රලේඛයේ සඳහන් වෙයි.
අමාත්‍යවරුන්ගේ පූර්ණ කාලීන උපදේශකවරුන් සංඛ්‍යාව දෙදෙනකු නො ඉක්මවිය යුතු බවද ඔවුන්ගේ වැටුප් ,දීමනා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අනුව විය යුතු බවද එහි වැඩිදුරටත් සඳහන්ව ඇත.
අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය කාර්ය මණ්ඩලය ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් හෝ සමීප ඥාතීන් නොවිය යුතු බවද ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ චක්‍ර ලේඛයෙහි සඳහන් වෙයි.
අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පරිහරණය සඳහා වෙන් කරන නිල වාහන සංඛ්‍යාව උපරිම වශයෙන් දෙකකට සීමා විය යුතු අතර එම වාහන සඳහා මසකට උපරිම වශයෙන් ඉන්ධන ලීටර් නවසීයක ප්‍රතිපාදන වෙන් කෙරෙන බවද අදාල චක්‍රලේඛයේ සඳහන් වෙයි. අමාත්‍යවරයෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරයකු වෙත සපයනු ලබන උපරිම රාජකාරී දුරකථන සංඛ්‍යාව හතරක් වන අතර කාර්යාල සහ නිවාස දුරකථන සඳහා රුපියල් 20000ක්, ජංගම දුරකථනය සඳහා රුපියල් 10000ක ප්‍රතිපාදන ද වෙන්කර තිබේ.
ජනවාරි 6 වෙනිදා සිට බලාත්මක වන පරිදි නිකුත් කර තිබෙන මෙම චක්‍රලේඛයේ පිටපත් අග්‍රාමාත්‍ය ලේකම් ,අමාත්‍ය මණ්ඩල ලේකම්,මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යංශශ ලේකම්,රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් සහ විගණකාධිපති වෙත යොමු කර ඇත.
දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ලන්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් ’’ ලොකු පැටී ’’ නැමැත්තා අද(04) උදෑසන බෙලාරූස් රාජ්‍යයේ සිට ඩු
වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව රාජ්‍ය සංචාරයක් සඳහා වියට්නාමය බලා ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (04) පෙරවරුවේ
අයුතු ලෙස නිවසකට ඇතුළුවී අවුරුදු 19ක තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයකු අත්අඩංගුවට ගත්
මීටියාගොඩ නිවාඩු නිකේතනයක් තුළදී නාඳුනන පුද්ගලයකුගේ වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයකු. මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
සති අන්ත නිවාඩුව විනෝදයෙන් ගත කිරීමට නව විවාහක යුවළක් ඇතුලු ඥාතී පිරිසක්,ගගේ වාඩිය මෝය කටේ දිය නෑමට ගොස්, මනාළිය අතුරුදන්ව ඇය බේරා ගැනීමට ඉදිරිපත් වූ බ
මැතිවරණ නීති උල්ලංඝනය කරමින්, ඡන්ද පෝස්ටර් අලවමින් සිටි දෙදෙනෙකු පෝස්ටර් පහළොවක් සමඟ මනම්පිටිය ගම්මානයේදී අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිසිය කියය
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඇමති වියදම් ගැන ජනපති ලේකම්ගෙන් චක්‍රලේඛයක්
Don perea Friday, 24 January 2025 12:13 PM
දැන් බයියෝ මොනවද කියන්නේ කියලා.
Kithsiri Friday, 24 January 2025 01:22 PM
වරින්වර විවිධාකාර චක්‍රලේඛ නිකුත්කරන බව කියනවා වුනත් අන්තර්ජාලයේ බලන්න අපහසු බවක් තියෙනවා විශ්‍රාමිකයින්ට අදාල එම දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛ වගේම රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ බලන්න අපහසුබවක් තියෙනවා ඒගැන අවධානය යොමුකරන්න
dileepa1986 Friday, 24 January 2025 02:12 PM
මම මේ නොදන්න නිසා අහන්නේ. මම දැනුවත්ව ජංගම දුරකතන පැකේජ තියෙනවා රු 1000ට අඩුවෙන් ගන්න. ඕනම කතා කාලයක් මාසය පුරාම ලබාගැනීම සඳහා .එතකොට රුපියල් 10000ක් ලබාදීමේ අරමුණ කුමක්ද? මා ලඟ තිබෙන දුරකතනය සඳහා රු 820 මාසෙටම. ඕන අංකයකට ඕන තරම් කතා කරන්න පුලුවන්.
තාරානාත්Friday, 24 January 2025 10:18 PM
ජාත්‍යන්තර ඇමතුම් ඇතුලත්ව උපරිමය තමයි ඔය දාලා තියෙන්නේ.