(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න)
මූල්‍ය සමාගම් කඩාවැටීමට මෙන්ම ඒ හරහා ජනතාව අසරණතාවයට පත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ ක්‍රියාදාමයද බලපා ඇතැයි අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.
මේ ප්‍රශ්නයට පවතින නීතිය තුළ සාධාරණය ඉටු කිරීම අපහසු බවද ඔහු සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
අධිකරණ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.
ඇතැම් මූල්‍ය සමාගම් කඩා වැටීම නිසා විශාල පිරිසකට අසාධාරණකම් සිදුවෙලා තියෙනවා. මේක පසුගිය වසර 20 පුරාම සිදුවුණා. ජනතාව මෙහෙම අසාධාරණයට ලක්වීමට මහ බැංකුවේ ක්‍රියාදාමයක් බලපෑවා. මහ බැංකුව මේ සමාගම් ලියාපදිංචි ඒව කියල වාර්තාවක් ඉදිරිපත් කර ජනතාවට විශ්වාසයක් දෙනවා. එතකොට ජනතාව ඒවායේ මුදල් තැන්පත් කරනවා. එහෙම තැන්පත් කරලා ඒ ආයතන කඩා වැටුණම මුදල් ලැබෙන්නේ නැහැ. මේකට විසඳුමක් දෙන්න මමත් උත්සහ කළා. දැන් තියෙන නීති ක්‍රමය තුළ සාධාරණය ඉෂ්ට කරන්න අමාරුයි. නඩු ගිහිල්ලා මුදල් අය කරගන්න ක්‍රියාදාමය හරි දීර්ඝයියි. මේකට නිවැරදි ක්‍රමයක් පාර්ලිමේන්තුව සකස් කළ යුතුයි. අවුරුදු දහයක් පහළොවක් උසාවිවල රස්තියාදු වුවත් තැන්පත්කරුවන්ට සාධාරණය ඉෂ්ට වෙන්නේ නැහැ. දේපළ අත්පත් කරගෙන ඒවා වෙන්දේසි කර ජනතාවට බෙදා දෙන ක්‍රමවේදයක් ඇති කරන්න ඕන.
2025 දෙසැම්බර් මස 18
312
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
202
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමැති විජයදාසගෙන් මහ බැංකුවට චෝදනාවක්
Ranjan Friday, 08 September 2023 12:45 PM
විජේදාස දන්නවා වැඩියි. රටට හරිම කරදරයක්...
Shammi Friday, 08 September 2023 01:06 PM
හා හරි... අපි මොනවා හරි කරන්න බලන්නම්, ස්තුතියි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා දැනුවත් කළාට...
ravin Friday, 08 September 2023 06:04 PM
අනුන්ට එක ඇඟිල්ලක් දික්කරන කොට තමන් දෙසට ඇඟිලි 4ක් දික්වෙනවා කියලා නම් අහලා තියෙනවා. ඇඟිලි නැති කට්ටියට අදාළ නොවේ.
Rohana Saturday, 09 September 2023 11:16 AM
චෝදනාකරලා වැඩක් නෑ. කඩාවැටෙන මුදල් සමාගම් පවත්වාගෙන ගියත් ගැටළු වසා දැමුවත් ගැටළු.